Skip to product information
1 of 2

අනන්තරා | Anantharaa

Regular price Rs 1,100.00
Regular price Sale price Rs 1,100.00
Sale Sold out
Shipping calculated at checkout.

හෝරාව මැදියම් රාත්‍රී දොළහටද ආසන්නව තිබේ. මම සියප්පච්චි විසින් මට ලබා දුන් බොහෝ පැරණි පුස්තකයද අතින් ගෙන මේසයට විමි. මේස ලාම්පුවේ මළානික ආලෝකය යටින් එය දිගහැර කියවන්නට පටන් ගතිමි.

බෙහෙවින්ම දිරා කහ දුඹුරු පැහැයට ළංව ඉරි ගැලවි යන තරමටම අබලන් වූ එහි පිටු පෙරළීම වුව බොහෝ අර පරෙස්සමට ආයාස දරා කළ යුත්තක් විය. ඉතින් මම කියවන්නට පටන් ගතිමි.

එය යටත් විජිත කාලය තුළ අප රටෙහි ජිවත් වූ හෙන්රි රිචඩ්සන් නම් වූ සුදු ජාතික මහතෙකු විසින් දීර්ඝව තැබූ සටහන් රාශියක් විය.

එතෙකින් මා ඉදිරියේ සෙමෙන් සෙමෙන් දිගහැරී ගියේ මා ද මගේ නෑ සොයුරු හිරාන්ද මගේ පෙම්වතා වන ඇඩම්ද සම්බන්ධ අතිශයින් විශ්මයාවහ කථා පුවතක්ය. මෙය අපගේ පෙර ආත්මය පිළිබඳ කථා පුවතයි. එහි එකදු වදනක් හෝ වෙනස් නොකරමින් මම දැන් ඔබ ඉදිරියේ තබමි.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review