අම්මපයි මං කඩුව දුන්නා..! | Ammapai man kaduwa dunna
Couldn't load pickup availability
සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට
මග කියපු තරු කැටත් පැන ගියපු රැයකට
සයුර මැද මාලිමා කටු කැඩුණු නැවකට
ප්රේමයකි, ප්රදීපාගාරයක එළි වැට
කවියා සිය වේදිකාව කාලානුරූපීව සකසා ගනියි. සෙල් මතු පිටින්, සීගිරි කැටපත් පවුරින්, පුස්කොළ මතින්, පුවත් පත් පිටුවෙන්. පොතින් මතු නොව වත්මනෙහි අන්තර්ජාල වේදිකාවෙන් කවියා සිය කවි ලෝකයට ප්රදානය කරයි. අප අවසන දැක්වූ ප්රවණතාව විශේෂිතය. සජිවී රසික පිරිවරක ප්රතිචාර සමග අන්තර්ජාල වේදිකාව සක්රීය වෙයි. ශෂික සදීප් කවියා එසේය. ඔහුගේ කවි, ගීතඇසුරේ බොහෝ දෙනා සිටිනු පෙනෙයි. ඒ නිර්මාණ කරුවෙකු ලබන මහත් වාසනාවන්ත තත්ත්වයකි. ඔහු අද මේ නිදහස් අවකාශයෙන් ග්රන්ථය නමති මහත් බරැති සංස්කෘතික අවකාශයට පිවිසෙයි. ශෂික සදීපගේ කාව්ය රචනා. නිර්මාණ නව රසික පර්ෂද ඇසුර ලබනු ඇති. අපගේ සහෝදරත්වයේ පැතුමද එයමය. ''
සම්මානනීය ලේඛක, කිවියර මහින්ද ප්රසාද් මස් ඉඹුල

