{"product_id":"sagawunu-udyanaya","title":"සැගවුණු උද්‍යානය | Sagawunu  Udyanaya","description":"\u003cp\u003eඇගේ දෑස ඉදිරිපිට උයන වෙනස් විය. දශක ගණනාවක් පුරා වැවුණු තණ කොළ සහ කටු පඳුරු පසු බැස්සේය. අඩි පාර, මල් පාත්ති සහ ගෙවතු අසුනක් නිරාවරණය කරමින් බිම වැටුණු පත්ර පොළොවෙන් ඉවත් විය. ආලෝකයට නැවත වරක් පිවිසීමට අවසර ලැබිණි...\u003cbr\u003e                                                            1913\u003cbr\u003eපළමු ලෝක මහා සංග්රාමය ඇරඹීමට ආසන්න කාලයේදී, එංගලන්තයේ සිට ඕස්ට්රේලියාව බලා කෙරුණු වෙහෙස කර සමුදුරු ගමනකින් අනතුරුව අත් හැර දැමුණු කුඩා දැරියක් සොයා ගනු ලැබේ. එම චාරිකාව ගැන ඇගේ මතකයේ තිබෙන එකම කරුණ නම් ඇය ලේඛිකාව නමින් හැඳින්වූ අබිරහස් කාන්තාවක් ඇයව රැක බලා ගැනීමට පොරොන්දු වූ බවයි. එහෙත් මෙම ලේඛිකාව කිසිඳු ලකුණක් නොතබා අතුරු දහන්ව ගොසිනි.\u003cbr\u003e                                                             1975\u003cbr\u003eදැන් වියපත් කතක් වන තෙල් ඇගේ මව්පියන් පිළිබඳ සත්යය සොයා එංගලන්තය බලා යන්නීය. ඇගේ ගවේෂණය ඇයව කෝන්වෝල් කරා, මවුෆ්ලෑෂේ නමැති පවුලකට අයත් බ්ලැක්හර්ස්ට් මන්දිරය නමැති සුන්දර වතුයායක් කරා කැඳවාගෙන යයි. මෙතරම් වසර ගණනාවකට පසුව මෙවැනි ගමනක යෙදීමට නෙල්ව පෙළඹ වූයේ කුමක්ද?\u003cbr\u003e                                                             2005\u003cbr\u003eනෙල්ගේ මරණයෙන් අනතුරුව ඇගේ මිනිබිරිය, කසොන්ඩ්රාට පුදුම හිතෙන උරුමයක් හිමි වේ. බ්ලැක්හර්ස්ට් මන්දිර වතුයායේ පිහිටි ක්ලිෆ් කොටේජය එහි රහස් - විනාශයට පත් වූ මවුන්ට්රිෂේ පවුල පිළිබඳ රහස් - නිසා ප්රදේශයේ ජනයා අතර කුප්රකටය. එනමුදු, කසාන්ඩ්රා එම පවුල පිළිබඳ සත්යය සහ දශක ගණනාවකට ඉහතදී කුඩා නෙල්ව අත් හැර දැමුවේ ඇයිද යන්න සොයා ගන්නේ වසර ගණනාවක් පුරාම අත් හැර දමා පැවති මෙම ක්ලිෆ් කොටේජයේදී සහ එයට අයත් මතකයෙන් ගිලිහුණු උයනේදීය.\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":44168643051607,"sku":"205636","price":2450.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SAGAWUNUUDYANAYAF1.webp?v=1786779934","url":"https:\/\/seevalibooks.lk\/products\/sagawunu-udyanaya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}