{"product_id":"purusha-raga","title":"පුරුෂ රාග |  Purusha Raga","description":"\u003cp\u003eසමාජ ආර්ථික දේහයේ විකාශනය සමඟ ආදරයේ හා විරහවේ සදාතනික ගුණයන්ට ගැහැනු ආත්ම ප්‍රතිචාර  දක්වන ආකාරයේ ක්රමික වෙනස්කම් මෙහි කටුගෑවුණ ගැහැනු චරිත මඟින් නිරූපිතය. ස්ත්රී පුරුෂ සමාජභාවයෙහි සිදු වූ කාලානුරූපී වෙනස පදනම් කොට ගෙන වික්ටෝරියානු ආකල්පයන් මත දශක ගණනාවක් යැපුණු ගැහැනිය අද වන විට ආදරය හා රාගය යන සංකල්පයන් සමඟ කරන්නා වූ ගනුදෙනුව වෙනස් වූ මුහුණුවරක් ගනිමින් පවතී.\u003cbr\u003eඇට මස් ලේ නහර වලින් සැදි පුරුෂයා තුළද සංකල්පීය ආදරය නැතිවාම නොවේ. එහෙත් බොහෝ විට ඔවුන්ගේ නිරායාස රාගය, ආදරයට වඩා පිපාසිතය. ඔවුනටද ගැහැනියට මෙන් හැඟෙයි. දැනෙයි. එහෙත් කැකෑරෙන බහුල කරණය තුළ බොහොමයක් පුරුෂ සන්තානයන් හට එක් තැනක නැවතී නැංගුරම් දැමීමට ශක්තියක් නොමැත. ඔවුන්ගේ ආදරය රාගයේ සළුවෙන් වැසී ඇත.\u003cbr\u003eරාගයට සෙළුවක්' මිස ' සළුවක්' කොයිබින්දැයි යමෙක් විමසන්නට ඉඩ ඇත. රාගයට සළු බොහෝ ඇත. විවිධත්වය තුළ රාගිකයා අතරමං වන්නේ එහෙයිනි. එහෙත් ආදරය මූල පද්ධතියකි. එය සන්තානගතගුණාංගයකි. හති වැටී අතරමං වන රාගිකයා කිසියම් දිනක සන්තානගතය සොයන්නට උත්සුක වේ. මඟ හැරුණු අතහැරුණු ඔහුට ඔහු හමු වන්නේ එතැනදීය.\u003c\/p\u003e","brand":"Lekaka Ha Pataka Sansadaya","offers":[{"title":"Default Title","offer_id":44077093781591,"sku":"205387","price":1500.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PurushaRagaF1.webp?v=1785153138","url":"https:\/\/seevalibooks.lk\/products\/purusha-raga","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}