{"product_id":"prame-suthra","title":"ප්‍රේම සූත්‍ර | Prame Suthra","description":"\u003cp\u003eප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරී සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදි වූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැගුම් සමුදායකි.\u003cbr\u003eඑදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑම විට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබූ අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියා ය.\u003cbr\u003eඅතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අමිහිරි අත්දැකීම්වලින් පිරී පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිතඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032946045015,"sku":"194027","price":1200.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PrameSuthraF1.webp?v=1784114176","url":"https:\/\/seevalibooks.lk\/products\/prame-suthra","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}