{"product_id":"pawura","title":"පවුර | Pawura","description":"\u003cp\u003eහැටේ දශකයේ අග භාගයේ දී ඉතිහාසය සහ පුරාවිද්යාව ගෞරව උපාධියක් සමඟ පැමිණි බර්ටි  කොත්මලේ වැනි දුෂ්කර ගම්මානයක කර්මාන්ත සංවර්ධන ක්රියාවලියක නිරත වීමට රාජකාරිමය අවස්ථාවක් ලැබෙනවා. ඒ සංවර්ධන සහයක නිළධාරියකු ලෙසයි. ඉතා දක්ෂ නිළධාරියකු ලෙස සේවා උසස් වීමක් ද ලැබ කටයුතු කරන අවධියේ දී දේශපාලනය සහ රාජ්ය සේවය අතර ප්රතිපත්තිමය තීරණයක් හේතු පාදකව ඔහු රැකියාවෙන් ඉල්ලා අස්වීමට තීරණය කරනවා.\u003cbr\u003eපාසල් අවධියේත්, විශ්ව විද්යාල ජීවිතයේත් ඔහු ඇලුම් කළ කැමරාවට ආදරය කරන බර්ටි, ඡායාරූප ශාස්ත්රය තම ජීවිත වෘත්තිය වශයෙන් බාරගන්නවා. ඔහු තම සම්පූර්ණ කාලය නිශ්චල ඡායාරූප කලාවට යොදවන්නේ එහි දිග පලළ ගැඹුර ගැන අවබෝධයෙනි. එහි දිගුවක් ලෙස සිංගප්පූරුවේ ඡායාරූප ආයතනයට සම්බන්ධව සිය වෘත්තිය ප්රගුණ කරන්නට උනන්දු වන ඔහු උගත් ශාස්ත්රය වූ ඡායාරූප කලාව, ප්රචාරණ කලාව සමඟ මුසුකර වර්ධනය කරන්නට සමත්කම් දක්වයි.\u003cbr\u003eවිශ්ව විද්යාලයේ දී \"හන්තාන කතාව ” චිත්රපටයේ සම තිර රචක ලෙස සම්බන්ධ වන ඔහු \" ප්රියංගා \" චිත්රපටයේ සහය අධ්යක්ෂවරයා ලෙස ද \" කෝපි කඩේ ' ටෙලි නාට්ය මාලාව ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ද, ' සඳුන්ගිර ගිනිගනී \" ටෙලි නාට්යයේ සහය අධ්යක්ෂ ලෙස ද කටයුතු කර ඇත. එය ඔහුගේ කුසලතා පිළිබඳ කැඩපතක් බඳුය.\u003cbr\u003eමෙම ප්රයත්නය වචන දහසකින් කියන \" එක රූපය\" වචන වලට පෙරළා බලන්නට ඔහු ගත් උත්සාහයක් ලෙසයි මට දැනෙන්නේ. නොනවත්වා කියවීමේ රුචිකත්වයත්, ආකර්ෂණයත් මොනවට ඇති මේ කතා පාඨකයාට නවමු අත්දැකීමක් වනු නොඅනුමානය.\u003cbr\u003eදයා\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44738070708311,"sku":"172772","price":400.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PAURA_f1.webp?v=1795588334","url":"https:\/\/seevalibooks.lk\/products\/pawura","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}