{"product_id":"nethu-haduwa-obata-hora","title":"නෙතු හැඩුවා ඔබව හොරා | Nethu Haduwa Obata Hora","description":"\u003cp\u003eතරගයේ උච්චතම අවස්ථාව එළඹෙමින් තිබිණි. තත්පර ගණනාවකදී එකවරම සිදු වූ දේ පිළිබඳව අවිනාශ්ගේ කෙසේ වත් සිතා ගැනීමට පුළුවන් වූයේ නැත. කුමක් හෝ අතපසුවීමකින් හෝ වෙනත් සිදුවීමකින් අවිනාශ්ගේ යතුරු පැදියේ වේගය අඩාළ වූ අතර, දෙවෙනි ස්ථානයේ වූ රතු පැහැති යතුරු පැදිය ඔහුගේ යතුරු පැදියේ වදින නොවදින පරතරයට පැමිණියේය. එසේ ආසන්නයටම ආ රතු පැහැති යතුරු පැදිකරු නිකන් බලා සිටියේ නැත. ඔහු තම වම් පාදය මදක් ඉහළට ඔසවා අවිනාශ්ගේ යතුරු පැදියේ පසුපස මඩ ආවරණයට ප්රබල පහරක් එල්ල කළේය. අවිනාශ්ගේ තිබූ ක්ෂණික ක්රියාකාරිත්වය නිසාම එම පහර අසීරුවෙන් වළක්වා ගත්තද, රතු පැහැති යතුරු පැදිකරු තම දෙවන පහරට සුදානම් වන අයුරු අවීනාශ් දුටුවේය.ඒ අතර ඉදිරියෙන්ම තිබුනේ ඉතා විශිෂ්ඨ ගණයේ අහස් පිම්මකට සූදානම්ව පැවැති උස් කඳු ගැටයයි.\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Naught Creations","offers":[{"title":"Default Title","offer_id":44113450074199,"sku":"130355","price":1390.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NethuHaduwaObataHoraF1.webp?v=1786189097","url":"https:\/\/seevalibooks.lk\/products\/nethu-haduwa-obata-hora","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}