{"product_id":"leela","title":"ලීලා | Leela","description":"\u003cp\u003eමාර්ටින් වික්රමසිංහ මහතා විසින් මා වෙත එවන ලද 'ලීලා' නම් අභිනව ප්රබන්ධ කථාවෙන් කොපියක් ලැබී ස්තුති සහිතව භාරගෙන කියවා බැලීමි.\u003cbr\u003eමට නොයෙක් විට ලැබෙන පොත්පත් සම්බන්ධ ගුණ දෝෂ පරීක්ෂණයට නොවෙහෙසෙන නමුත් මේ පොත ගැන විශේෂ වශයෙන් යමක් ලිවීමට අදහස් විය. මක්නිසාද යත් මාර්ටින් වික්රමසිංහ මහතා යම් යම් දේ සොයා පරීක්ෂා කොට බලා ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමට ආසා ඇත්තෙකැයි පෙනෙන හෙයිනි.\"\u003cbr\u003eයගිරල පඤ්ඤානන්ද නාහිමි සරසවි සඳ රැසල 1919 ජුනි 19\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e\"ලීලා නවකතාවට පසුබිම් වී ඇත්තේ විචාරයෙන් තොරව බටහිර පමණක් නොව පෙරදිග ද පාරම්පරික අදහස් හා සිරිත් විරිත් අනුකරණය කිරීමයි. නවකතාවේ අදහස් ප්රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයක් ඒ පිළිබඳව කෙරෙන විවේචනයත් අදට ද වලංගු වේ. ලීලා කොතෙක් දුරට වර්තමාන සාහිත්ය විචාරය අනුව අගය කිරීමකට ලක් කළ හැකි ද යන්න විමසීමේදී එය වැදගත් වේ. පැරණි සාහිත්යය තත්කාලීන විචාර ධර්මයෙහි පිහිටා අගය කිරීමේ කාර්යය ආරම්භ කරන ලද්දේ මාර්ටින් වික්රමසිංහ විසිනි.''\u003cbr\u003eචන්ද්රා අමරසේකර\u003cbr\u003eසබරගමුව විශ්ව විද්යාලයේ භාෂා හා සමාජ විද්යා අංශයේ හිටපු පීඨාධිපතිනි\u003c\/p\u003e","brand":"Sarasa Publishers","offers":[{"title":"Default Title","offer_id":44037958533207,"sku":"172793","price":400.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/LeelaF1.webp?v=1784185412","url":"https:\/\/seevalibooks.lk\/products\/leela","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}