{"product_id":"kaha-una-1793","title":"කහ උණ 1793 | Kaha Una 1793","description":"\u003cp\u003eපිලඩෙල්ෆියා නගරයේ වීදි ඔස්සේ 1793 දී කහ උණ වසංගතයක් පැතිර ගිය අතර ලෝරී හැල්ස් ඇන්ඩර්සන්ගේ නවකතාවේ, ‘කතා බීජය ද වසංගතය තරමටම වියරුවකින් පාඨක හදවත් තුළට කාවදින එකකි.’ යයි ‘ද නිව්යෝක් ටයිම්ස් බුක් රිවීව්’ සඟරාවේ විම්ර්ශනයක සඳහන් කර ඇත.\u003c\/p\u003e\n\u003cp\u003e1793 ග්රීෂ්ම ඍතුවේ මැටී කුක් නැමැති 15 හැවිරිදි දැරිය ජීවත් වූයේ ඇගේ වැන්දඹු මව සහ සීයා සමඟ ඔවුන්ගේ පවුලට අයත් කෝපිහලක ය. මැටී තම කාලය ගතකළේ ගෙදර දොරේ වැඩපලවලින් වැළකී ඔවුන්ගේ කෝපිහල පිලඩෙල්ෆියා නගරයේ ඇති ඉහළම ආපන ශාලාවක් බවට පත් කර ගැනීමේ සැලසුම් සකස් කරමිනි. කහ උණ වසංගතය කඩා වැදුණේ ඒ අවධියේය.\u003c\/p\u003e\n\u003cp\u003eවසංගතය සෑම වීදියක් පුරාම පැතිරී ගියේ එයට යොමු වෙන හැම දෙයක්ම විනාශ කරමිනි. එයින් මැටීගේ ලෝකය ද උඩු යටිකුරු විය. උණෙන් පෙළෙන මවගේ බලකිරීම මත මැටී සිය සීයා ද සමඟ නගරයෙන් පලා ගියාය. එහෙත් එය හැම තැනකම ව්යාප්තවී ඇති බව ඔවුන්ට දැන ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත. එය ‘දොර දොර මිනී බෙර ගෙයි ගෙයි හඬයි බියකර’ වැනි තත්වයකි. එය වත්මන් කොවිඩ් වසංගත තත්ත්වයට ද සාමාන එකකි. රෝග හා මරණ බියෙන් පීඩිත නගරයක ජීවත් වන්නේ කෙසේදැයි මැටී ඉක්මනින්ම ඉගෙන ගත යුතු විය. එහිදී ඇය මුහුණ දුන් ත්රාසජනක මෙන්ම ශෝකජනක අත්දැකීම් රාශියයි මේ…\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":44168256946263,"sku":"187190","price":975.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KAHAUNA1793F1.webp?v=1786768468","url":"https:\/\/seevalibooks.lk\/products\/kaha-una-1793","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}