{"product_id":"hudakalawe-siyawasarak","title":"හුදකලාවේ සියවසරක් | Hudakalawe siyawasarak","description":"\u003cp\u003e\u003cspan\u003eOne Hundred Years of Solitude” ලෝ ප්රකට නවකතාකරු ගාර්සියා මාකේස්ගේ අගනාම කෘතිය ලෙස සැලකේ. ස්පාඤ්ඤ සාහිත්යයේ මෙන්ම ලෝක සාහිත්යයේද අද්විතීය ස්ථානයක් දිනාගත් මෙම නවකතාව භාෂා 46 කට නැගී ඇති අතර පිටපත් මිලියන 50කට වැඩියෙන් අලෙවි වී ඇත.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමැකොන්ඩෝ නම් පරිකල්පිත නගරයේ බුඑන්ඩියා පවුලේ පරම්පරා හතක කතා පුවත රේඛීය කාලය බිඳ දමා නිරූපණය කරන මේ කෘතිය තුළ මාකේස් යථාර්ථය හා මායාව අතර බෙදුම් කඩ සිඳ දමා මුළුමනින්ම ප්රබන්ධමය විශ්වයක් ගොඩනගයි. එහිදී ඔහු තාර්කික හා අතිශයෝක්තිගත සිදුවීම් නිරූපණය කිරීමට එකම නොවෙනස් ස්වරයක් යොදා ගනියි. ඒ හරහා ආක්රමණික බටහිර සංස්කෘතිය හා ඒ හා ගැටෙන,මුසුවන පාරම්පරික ස්වදේශීය සංස්කෘතීන් අතර ආතතිය මැද සිවිල් යුද්ධ, සමූලඝාතන, බහුජාතික සමාගම්වල ආගමනය අතරින් ඇදෙන ලතින් ඇමරිකාවේ සුවිශේෂී ඉතිහාසය නිරූපණය කිරීමට පොහොසත් කතා කලාවක් බිහි වෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44669649846359,"sku":"191208","price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HUDEKALAWE_SIYAWASARAK_F1.webp?v=1794629567","url":"https:\/\/seevalibooks.lk\/products\/hudakalawe-siyawasarak","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}