{"product_id":"hendirikka","title":"හෙන්දිරික්කා | Hendirikka","description":"\u003cp\u003e\u003cspan\u003e\"මම අනීනේ ගැන හිතලා දුක්වෙන, පසුනැවෙන මිනිහෙක් නෙමේ.. වීත් මට චාන්ස් එකක් ලැබුණොත්, පහුගිය අවුරුදු පහළොව ආපස්සට ගිහින් ජීව්නේ ආපහු මුල ඉඳලා පටන් ගන්න මම දෙපාරක් හිතන්නෙ නෑ...\u003c\/span\u003e\u003cspan\u003e ඔයා කවදහරිම දවසක වී වගේ හිතනවට මම ආස නෑ. චීකයි මෙච්චර කියන්නේ.\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඔහු ඇගේ දෑස දෙසම බලාගෙන කියද්දී බීම බැලූ ඈ තවත් තත්පර කිහිපයක්ම නොසැලී උන්නාය. රවිශංක ඇගේ මුහුණේ වෙනස්වන ඉරියව් දෙස බලා හිඳ ඒ හිස මතින් වමන තබද්දීම ඈ එක්වරම හිස එසවීය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\" මම දැනුත් එහෙම හිතනවා...\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e \"කොහොමද? \" \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔහු සිය අත ඉවතට ගෙන අසද්දී අසේකාගේ මුහුණේ සටහන්ව තිබූ හිතුවක්කාර, දර දඬුකම රවිශංකගේ දෙතොලට සිනාවක් ගෙනාවේ ආයාසයක් නැතුවමය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"අවුරුදු හතලිහක් විතර ආපස්සට ගිහින් ඉපදෙන්න.\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඔහු සිනාසුණේ වාහනය දෙදරන තරම් සද්දෙනි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"බැහැපන්! උඹ මහ හිතුවක්කාර කෙල්ලෙක්.' ඔහු කීවේ සිනාවේ අඩුවක් නැතුවය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e උසාවියට යන්නට ඇඥ උන් සුදු පාට අත් දිග කමිසයට ඕනෑවටත් වඩා මතු වී පෙනුණ ඔහුගේ කඩවසමිකම, වී හිනාවෙන් දෙතුන් ගුණයක් වැඩි වී පෙනෙද්දී ඈ ඔහු දෙස බලා උන්නේ වශී වෙමිනි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Nohandunanni Publications","offers":[{"title":"Default Title","offer_id":42712661065815,"sku":"204067","price":2000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HendirikkaF1.webp?v=1776670997","url":"https:\/\/seevalibooks.lk\/products\/hendirikka","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}