{"product_id":"forget-me-bimba","title":"Forget me බිම්බා |  Forget me Bimba","description":"\u003cp\u003eබිම්බා...\u003cbr\u003eගගනිගේ කට හඬින් මම හැරී බැලුවෙමි.\u003cbr\u003eඇයගේ මුහුණේ ඇති පිරිසිදු සිනහව රාමු කර\u003cbr\u003eසදා කාලයටම මගේ ළඟ තබා ගන්නට මට සිතේ.                                                                              එය මගේ මුළු ආත්මයම කලඹා දමන්නේ දෙවරක් තබා, එකවරක්වත් නොසිතාය.\u003cbr\u003e.. කාව තෝර ගන්නවද කියලද බැලුවේ....\u003cbr\u003eමගේ ඇස් තිබුණේ මනාලියන් අතර බැවින් ඇය ඇසුවාය.\u003cbr\u003e..ම්මි..'\u003cbr\u003e.. බිම්බට මං තෝරලා දෙන්නද?\u003cbr\u003e\".. මං කැමති කෙනා මෙතන නෑ..\u003cbr\u003eගඟනි කෙලින්ම මදෙස බැලුවාය. ඒ දෑසේ වුයේ තරවටු පෙනුමක් වැනි බැල්මකි. යමක් තෝරා බේරා ගැනීමට අපහසු වූ කල, ඇගේ දෑසට එවැනි බැල්මක් එනු මම මීට පෙර දැක ඇත්තෙමි. මට දැන් ගගනිගේ බොහෝ දේවල් කියවා පහදා ගන්නට පුළුවන.\u003cbr\u003e\"..මෙච්චර ලස්සන ගර්ල්ස් ගොඩක් අතරෙ ඔයා කැමති කෙනා නෑ..?\"\u003cbr\u003e.මේ මනාලියො අතරෙ නෑ...\"\u003cbr\u003eගගනි දෙස හොරැහින් බලමින් මම කීවෙමි.\u003cbr\u003eඒ මුහුණ කොතරම් සිරියාවන්තද ?\u003cbr\u003eමට ඇය ගැන දැඩි ලෝභකමක් ඇති වෙයි.\u003c\/p\u003e","brand":"Naught Creations","offers":[{"title":"Default Title","offer_id":44113449156695,"sku":"138830","price":1290.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ForgetmeBimbaF1.webp?v=1786189282","url":"https:\/\/seevalibooks.lk\/products\/forget-me-bimba","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}