{"product_id":"dear-august","title":"ඩියර් ඕගස්ට් | Dear August","description":"\u003cp\u003eහයිරි ඇයට ඉඩ දුන්නාය. වී කරදරකාරී ලස්සන ඇඳුම හයිරිට දැරිය නොහැකි තරම් බරය. එහි වූ මුතු ඇටත්, අනෙකුත් දියමන්ති වැනි ගල් වලින් සෑදූ රටාවනුත් නිසා එය බරැතිව දැනෙයි. ගවොම මිල අධික එකක් බව සැකයක් නැත්තේ වී නිසාය. හයිරීගේ මුහුනට ඉදිරියෙන් වැටුන වේලය නිසා ඇගේ දර්ශන පථය අපහැදිලි විය. ලේස් රෙද්දෙන් කල රටා ද වී රටා වල ඇල්ලූ දියමන්ති ද නිසා හසිරිගේ අතකින් අල්ලාගෙන කැඳවාගෙන යන්නට වී සේවිකාවට සිදුවිය. ඈ කිහිපවරක්ම පය පැකිලි ඇද වැටෙන්නට ගිය නමුත් ඇය පෙර මෙන් සෘජු උඩුකයින් යුතුව ඇවිද්දාය. පඩිපෙළ දෙපස අන් වැට සම්පූර්ණයෙන්ම සුදු පැහැ රෝස මල් වලින් සරසා තිබිණි. පඩි පෙළ පාමුල සිටි සුජීව ප්රනාන්දු හයිරීව පිළිගන්නේ වෙනදා මෙන් සන්සුන් සිනහවක් දෙතොල් අතර ඇඳගෙනය. දුනායා හයිරීව වැළඳගන්නේ නැහැය උඩට අදිමිනි.                                                                                                                                       ඔයා සුරංගනාවියෙක් වගේ                                                                                                                                                  \u003cbr\u003eඈ ඒ වාක්යය කිහිපවරක්ම කියන්නට අමතක නොකළේ ඔවුන් පඩිපෙළ නැග ඉහළට යන අතරේය. බිම දිගේ ඇදී එන තරම් දිගු වූ වේලය සේවිතාව විසින් ඔසවාගෙන ආවාය. පඩිපෙළ වඩා දිගු බව දැනුණේය. සංගීතය නැති කටහඬක් හෝ නැති හුදෙක් මිලාධික ආභරණ හා සපත්තු වලින් නැගෙන හඬන කඩා නැලෙන්නට යන මෝසම් වර්ශාවේ පෙර ලකුණු වල හඬවලුන් පමණක් ඇති හෝරාවන් ඇරඹි තිබිණි. නමුත් හයිරී මේ කිසිවක් ඕනෑවට වඩා අමුතු ලෙස නොදුටුවේ ඈ එන්න එන්නටම උඳෙන්ගයෙන් පිරී යමින්  සිටි නිසාය.\u003c\/p\u003e","brand":"Nohandunanni Publications","offers":[{"title":"Default Title","offer_id":44425664331863,"sku":"204331","price":1650.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DEARAUGUSTF1.webp?v=1791437343","url":"https:\/\/seevalibooks.lk\/products\/dear-august","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}