{"product_id":"boththama-hilata-haiyata","title":"බොත්තම හිලට හයියට | Boththama Hilata Haiyata","description":"\u003cp\u003eගැහැනියකට ඉපදීම අභියෝගයකි. ආඩම්බරයකි. අවදානමකි. මගේ වෘත්තීය ජීවිතයේදී මට හමු වූ ගැහැනුන් නිමක් නැත. එක එක තැන පිපුණ එක එක මල් සේය. ඒ ගැහැනු සිත් බරය. ඔවුනට කඳුළුත් රහය. සැබැවින්ම ඇය අරුමය.\u003cbr\u003eපැටි වියේ සිටම ස්ත්රී ලාලාසාව නිසා පීඩා විඳින ගැහැනු ළමයින් ගැනත් වැඩිහිටි ගැහැනුන් ගැනත් මට කියන්නට කථා බොහෝ ඇත. ඉවර පවර තියෙන වෙලාවට ඔබට ඒ අතුරු මල් ගොතා ගෙනෙන්නට පිළිණ දෙමි.\u003cbr\u003eබොහෝ ගැහැනුන් හදවතේ උපදින කඳුළු, දුක නමැති හුයෙහි අමුණා අලංකාරව ගෙල පළඳියි. අප දකින්නේ ගෙල බැඳි කඳුළු මල් මාලයේ හැඩය පමණි. ඔවුන්ගේ හඬා වැටෙන හදවත් සහ සීරුණු තැන් වලින් ගලන ලේ දහරා දකින්නේ නැත.\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eවසා නෙතු පියන් වැගිරෙන කඳුළු සගවා\u003cbr\u003eහිනාවෙන සතෙක් වේ නම් ඇයයි වෙන නැතුවා\u003cbr\u003eකියන්නට රහස් ඇති මහ ගොඩක් සඟවා\u003cbr\u003eතරු වියන යට ඉඳන් ගොතම් කවි කරවා\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44637774512215,"sku":"206483","price":550.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Boththama_Hilata__Haiyataf1.webp?v=1794376210","url":"https:\/\/seevalibooks.lk\/products\/boththama-hilata-haiyata","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}