{"product_id":"bihisunu-kusum","title":"බිහිසුණු කුසුම් | Bihisunu Kusum","description":"\u003cp\u003e\u003cspan\u003eසමුදුරක් අසල මන්දිරයක එක් සොයුරියක් තවමත් ශාපයට ලක්ව සිටියි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e සලාන් වෙරළෙන් බොහෝ ඈත වික්රමයන්ගේ නියැළීමට සිහින මැවුවද, ඇගේ පවුලේ අනෙකුත් අය ආකේනියාව පුරා විසිර ගොස් සිටියද, දහඅට හැවිරිදි වෙරිටි තෝමස් සිය අක්කා කමීල් සමග සිය පවුලේ වතුයාය වෙන හයිමෝහි රැඳුණාය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකීර්තිමත් උද්භිද විද්යාඥයකුගේ බිරිඳ වන බ්ලුම්හි ආදිපාදවරිය වෙරිටි ඇගේ පුතු ඇලෙක්සැන්ඩර්ගේ ආලේඛ්ය චිත්‍රයක් පින්තාරු කරනු දැකීමට උනන්දුවෙන් පසු වෙන බවක් දැන ගන්නා වෙරිටි එම අවස්ථාව මහත් සන්තෝෂයෙන් භාර ගනියි. එහෙත්, කමීල් එයට අවසර නොදේ. වසර ගණනාවක් පුරාම සුරැකි රහස හෙළි කළ යුතු තත්ත්වයකට පත් වෙන කමීල් දිනක් වෙරිටිට සත්යය පවසයි: ළමා කල මුහුණ දුන් ඛේදනීය අත්දැකීම් හමුවේ වෙරිටි තවමත් හොල්මන් දකියි; මෙතරම් කාලයක් ඇය ඒ බව දැන නොසිටියාය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමෙම සත්යය අසා කම්පනයට පත් වෙන වෙරිටි එදින රාත්‍රියේම හයිමෝ මන්දිරයෙන් පලා යයි. තමන්ට යා හැකි වෙනත් ස්ථානයක් නොමැති නිසා ඇය බිබ්ලූම් කරා යයි. මුලින්ම, සරුසාර, හරිත වර්ණ භූ දර්ශනය ඇගේ සිත වශී කරයි. සිත් ඇදගන්නාසුලු, බුහුටි, අදහා ගත නොහැකි තරම් කඩවසම් ඇලෙක්සැන්ඩර් ලොරොන් හට ඇය ආකර්ෂණය වන්නීය. ඇගේ විස්මයට හේතු වෙන පරිදි ප්‍රේමයක්.. හට ගනියි\u003c\/span\u003e\u003cspan\u003e.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e එසේ වුවද, වැඩි කාලයක් ගත වීමට මත්තෙන්, වෙරිටි දුස්වප්න වලින් පීඩා විඳියි. එමෙන්ම, බ්ලුම්හි මිහිරි මුහුණතට පිටුපසින් තිබෙන අඳුරු පැත්ත සෙමෙන් සෙමෙන් නිරාවරණය වීම ඇරඹේ...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":42638513766487,"sku":"201851","price":2250.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BihisunuKusumF1.webp?v=1774248589","url":"https:\/\/seevalibooks.lk\/products\/bihisunu-kusum","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}