{"product_id":"bidithi","title":"බිඳිති | Bidithi","description":"\u003cp\u003eක්ෂුදු කවිය ලෙළවා පෙන්වමින් බෝ දෑ නික්මෙති' යි කියා අවධාරණය කෙරුවාට සරත්වන්දා වල්පොල කවියා නික්ම ගොස් නොමැත. ඔහු බිඳිති' කැටුව යළි පැමිණ තිබේ. ක්ෂුද්රාවකාශයක ක්ෂුදු කවි ලෙස ඔහු විසින්ම නම් කෙරි ඇති මෙම ක්ෂුද්ර කෘතිය පුදනු ලැබ ඇත්තේ 'ක්ෂුදු ජීවීන්ට ' වන අපට ය.\u003cbr\u003eවෙන කවරදාකටත් වඩා මේ සමකාලීන මොහොත. දාර්ශනික හයිකු සංදර්භයෙන් ව්යුත්පන්න මෙයාකාර කවියට විශාල ආසක්තකමක් දක්නට පුළුවන. නමුත් මෙම අධිභාවිතයන් තුළින් විද්යමාන වනුයේ කවිය පවා පරිභෝජනවාදයට නතු වී ඇති බවකි. හයිකුව හෝ කෙටි කවිය හෝ සාර සංක්ෂිප්ත කවිය හෝ ක්ෂුද්ර කවිය බිහි වී ඇත්තේ භක්ෂණය පිණිස නොවේ. රටම අනන්ය වූ කලාත්මක මෙන්ම දාර්ශනික පරමාර්ථයන් එහි තිබිබ යුතුය. මෙන්න මෙවන් ගැඹුරු අර්ථයකින් ක්ෂුදු කවියට ප්රවිෂ්ට සරත්චන්ද්ර වල්පොල කවියා තුළ අප සෞන්දර්ය ප්රීතියෙන් ඇවිළවීමට සමත් විසල් විභවයක් පවති. මේ බලන්න!\u003cbr\u003eනිල නොලත් නිල මැස්සෙක් නිල නොවන සිරුරක\u003cbr\u003eමෙසේ ලියමින් ඔහු අපේ නිල අල්ලයි. ඔහු ගැඹුරු කවියකු බව, ඉදින් මම නිල වශයෙන්ම පවසමි.\u003cbr\u003eමංජුල වෙඩිවර්ධන ඇන්සි, ෆ්රන්සය 2026 ගිමහානය\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44624119595095,"sku":"206401","price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BIDITHI_f1.webp?v=1794025927","url":"https:\/\/seevalibooks.lk\/products\/bidithi","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}