{"product_id":"ayemath-adaren","title":"ආයෙමත් ආදරෙන් | Ayemath Adaren","description":"\u003cp\u003eමට හරිම පුදුමයි. ඔයාලගෙ මේ නිශ්ශබ්දතාවය.. ඔයාලා කෑ නොගහ ඉන්න එක ගැන, මට හිතා ගන්නවත් බෑ... හරීම පුදුමයි..... ඒ වගේම හරිම හොඳයි..... බලන්න සද්ද නොකර ඉන්නකොට තියෙන නිස්කලංක බව... ඇක්වුවලි... කොයි තරම් අපූරුද?..\u003cbr\u003eජයමාන්න මිස් කියවගෙන යනවා. ඒත් කවුරුවත් කතා කරේ නෑ. පැතුම් නම් එහෙට මෙහෙට ඇඹරෙනවා මං දැක්කා.\u003cbr\u003eවෙනදට මං මේ පන්තියට එනකොට සද්ද බද්ද වලින් පිරිලා.... අද එහෙම නෑ..... ඇත්තටම මොකක් ද දරුවනේ මේකට හේතුව... ජයමාන්න මිස් එහෙම ඇහුවෙ පන්තියෙන්ම උනත් පැතුම් පටාස් ගාලා නැගිට්ටා.\u003cbr\u003eමූට නම් අද කොකු පනු ගායක් හැදිලා.\u003cbr\u003eඔව්.. පැතුම් මං අහපු දේ ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නෙ..\u003cbr\u003e\"ඇයි ජයමාන්න මිස් දවසක් කිව්වේ....\u003cbr\u003eඔව් මං මොනවද දවසක් කිව්වේ..?\"\u003cbr\u003eනිකමට හරි දවසක මේ පන්තියෙ ළමයි කෑ නොගහා ඉන්නවා දැක්කොත් ඒ අත්වන සතුටට මම මැරෙයි කියලා...... පැතුම් කිව්ව කතාව තේරුම් ගන්න ජයමාන්න මිස්ට වගේම අපිටත් ඩිංගක් වෙලා ගියා. ඉස්සෙල්ලම හිනාව ආරම්භ කරෙත් ජයමාන්න මිස්මයි. පස්සෙ මුළු පන්තියම ඒකට එකතු වුණා.\u003c\/p\u003e","brand":"Naught Creations","offers":[{"title":"Default Title","offer_id":44077015138391,"sku":"138829","price":2990.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AyemathAdarenF1.webp?v=1785151712","url":"https:\/\/seevalibooks.lk\/products\/ayemath-adaren","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}