{"product_id":"awasan-adirajiniya","title":"අවසන් අධිරාජිනිය | Awasan Adirajiniya","description":"\u003cp\u003eයෙහොනෙලා හෙවත් ඕකිඩ් චීන අධිරාජයාගේ තුන් දහසක් අන්තඃපුර කතුන් අතර එක් අයකු වූවා පමණි. එහෙත් අභිලාශි ඕකිඩ් අධිරාජයාගේ හදවත දිනා ගැනීමට සමත් වනවා පමණක් නොව සිහසුනට පුතකු දායාද කිරීමේ භාග්යය ද හිමි කර ගන්නීය. අධිරාජයා අඩු වයසින් දෙව්ලොව දෙවියන් අතරට යද්දී තනි වන ඕකිඩ් කුඩා පුත් කුමරුගේ අනාගතය ද රටේ නොසන්සුන් තත්ත්වය ද පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගන්නීය. \" අධිරාජිනිය ඕකිඩ්” තුළින් ඔබ හඳුනාගත් ඇය අධිරාජයා නොමැතිව ගත කරන දිවිය මතුපිටින් සුරඟන කතාවක් සේ දිස් වුවද එය රනින් නිම කළ සිපිරි ගෙයක් ම විය. ඇය හට සටහන් කරන්නට සිදු වූයේ මාලිගා සම්ප්රදායයන් හා අතොරක් නැති විදෙස් බලවේග සමග පමණක් නොව සම අධිරාජනීය වූ නුහාරු, අධිරාජයාගේ ඥාතීන්, රාජ සභාවේ නිලධෘරීන් මතු නොව එක් කුස උපන් සහෝදර සහෝදරියන් ද ඇතුළුව මුළු මහත් සමාජය සමඟය. යෞවන අවධියේ ම වැන්දඹුවක වූ ඕකිඩ් හට රාජකීය සම්ප්රදායයන්ට අනුව තම දිවියේ ඉතිරිය තනිව ගත කරන්නට සිදුවන්නේ ඇගේ රහසිගත ආදරය දැක්මකට පමණක් සීමා කර ගනිමිනි. නින්දා සහගත විදෙස් අතපෙවීම් හා අභ්යන්තර ගැටුම් හමුවේ තම මව්බිම රැක ගැනීමට ඕකිඩ් අධිරාජනීය ශක්තිමත් ව නැගී සිටියත් ඇගේ චිත්තසන්තානයේ හට ගන්නා සිතිවිලි ඇති හැටියෙන් කිසිවකු නොදුටුවහ\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":44168713764951,"sku":"190500","price":1875.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AWASANADIRAJINIYAB1.webp?v=1786781136","url":"https:\/\/seevalibooks.lk\/products\/awasan-adirajiniya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}