{"product_id":"avikarayange-kavkara-sithuwili","title":"අවිකාරයින්ගේ කවිකාර ලියවිලි | Avikarayange Kavkara Liyauwili","description":"\u003cp\u003e\u003cspan\u003eයුද ගැටුම් පැවති බිමක බැලූබැල්මට ඇත්තේ ගිනිගෙන දැවුණු පරඬැල් බඳු ශේෂ වූ නටඹුන්ය. දෑසට ප්රිය උපදවන හෝ හදවතට සැනසිලිදායක කිසිවක් එහි ඉතිරි නොවේ. එහෙත් එවන් පරිසරයක් වුව සියුම්ව ගවේෂණය කරන්නේ නම් මනුස්සකම් රැඳි බොහෝ සංවේදී මතක සොයාගත හැකි වනු ඇත. වැසී ගිය යුද බිමක තොරතුරු ගවේෂණය යනු පොලව හාරා සිදු කරන්නක්ම නොවේ. එකී පරිසරයේ ජීවමාන අත්දැකීම් විඳිවුන්ගේ හදවත් හාරාද බොහෝ දෑ උකහාගත හැකිය. ඇතැම් විට ඒවා පොළොන්නරුව අනුරාධපුරය වැනි ඓතිහාසික ස්ථානවල කැණීම් කොට ලබාගන්නා නටඹුන් තරමටම වටින්නේය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසීගිරියේ කුරුටු ගී ගැන ඉතිහාසයේ පටන් කතාකරයි. එසේම සිපිරිගෙය තුළද නේවාසිකාගාර තුළද වෙනත් එවැනි වූ පොදු ස්ථානවල ද ඕනෑතරම් කුරුටු ගී ලියවී ඇත. තමුත් ඒ සියල්ල අතරේ අවි ගැටුණු යුද බිම තුළ ද එවැනිම කුරුටු ගී විශේෂයක් ලියවී තිබුණු බව යුද බිමෙහි අත්දැකීම් ලැබූවන් හැරෙන්නට සමාජයේ වැඩි දෙනකු නොදනිති.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමරණය අහඹුවක් නොවූ රණබිම තුළ සෑම ක්රියාකාරකමක්ම සිදුවූයේ රණවිරුවන්ගේ දහඩිය, කඳුළු, රුධිරය පිරි සංවේදී මැදිහත් වීම් මතින්ය. විරුවන්ගේ සුසුමක උණුසුමත්, සිනහවක දීප්තියත් මෙම කෘතිය හරහා අංශු මාත්රයකින් හෝ පාඨක ඔබට දැනේ නම් මේ පොත වෙනුවෙන් මා ගත් උත්සාහය සාර්ථකය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":44265700982871,"sku":"201531","price":1000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AvikarayangeKavkaraSithuwiliF1.webp?v=1789039564","url":"https:\/\/seevalibooks.lk\/products\/avikarayange-kavkara-sithuwili","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}