{"title":"යුධ සාහිත්‍ය කෘති | War story","description":null,"products":[{"product_id":"amariya-seel","title":"ආමරිය සීල් | Amariya seel","description":"\u003cp\u003e\u003cem\u003e\"ආමරිය සීල්\"\u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cem\u003eයුද්ධය තුළ ඇත්තේ අහිමි වීම් හා විනාශයන්ය. මෙරට පිටරට වුවද අතීතයේ හෝ වර්තමානයේ වුවද යුද්ධයේ හැටි එහෙමය. නිසාම යුද්දය යන වචනය ඇසූ සැනින් ඕනෑම අයෙකු තුළ මැවෙන්නේ එකම චිත්රයකි. එහෙත් අවියකින් වෙඩි උණ්ඩයක් පත්තු නොවී බෝම්බයක් පිපිරෙන්නේ නැතුවද යුද්ධ තිබුණි. අවි ගැටුමක් නොපැවතිය ද මරණය අතවනන භූමියක පාරිසරික දුෂ්කරතාවයන් ද මානසික පීඩනයද දරාගෙන කෙනකු රැඳී සිටීමම යුද්දයකි. සමාජය යුද්දය පිළිබඳ බලන සාම්ප්රදායික කෝණය මග හැර වෙනස් මානයකින් එදෙස බලන්නට මේ පොත හරහා මම ඔබට ඇරයුම් කරමි.\u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cem\u003eලුතිනන් කර්නල් \u003c\/em\u003e\u003cbr\u003e\u003cem\u003eසුජිත් චමින්ද එදිරිසිංහ\u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eක්රමයෙන් අවට පරිසරය අඳුරු පැහැ ගනිමින් තිබිණි. බරපතල තුවාලකරුවන් තරමටම සාමාන්ය තුවාල ලැබූවන් පවා ඒ වන විට සිටියේ බොහෝ සෙයින් අඩපණාවය. අඛණ්ඩ ලේ වහනයද, වේදනාවද ඔවුන්ව පෙළමින් තිබුණේ එක සමත්වය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතුවාලකරුවන්ගේ හැකිළුණු මුහුණු අතරින් වුවද අපේක්ෂා සහගත දැස් දිළිසෙමින් තිබිණ. ඔවුන් සෑම අයකුගේම අවධානය නිරන්තරව යොමු වී තිබුණේ අහස දෙසය. ක්රමයෙන් හෙලිකොප්ටරයක හඬ ඈතින් ඇසෙන්නට විය. එක එල්ලේ දර්ශනය නොවුවද එය M1 -17 වර්ගයේ යානාවක් බැව් හඳුනා ගන්නට එහි සිටි කිසිවකුටත් අපහසු නොවීය. එහිදී තුවාල කරුවන් අතර යම් පමණකට හෝ හිස ඔසවා බලන්නට හැකි අසවන් සූදානම් ඉරියව්වකට පැමිණීමට යුහුසුළු වනු පෙනිණ. එසේම සිහිසුන් තරමට බරපතල තත්ත්වයේ පසු වූවන් පවා හෙලිකොප්ටරයේ හඬ ඇසෙත්ම ඇසිපිය මදක් විවර කොට ජිවත් වීම උදෙසා වන සිය බලවත් උවනාවේ තරම් පෙන්වන්නට වූහ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහෙලිකොප්ටරය තුළ ඔක්සිජන් හා රුධිරය ලබා දෙමින් සිටි තුවාලකරුගේ තත්ත්වය තවදුරටත් අවදානම් වන්නට විය. සිය පපු ප්රදේශයට වෙඩි පහරවල් දෙකක් එල්ල වී තිබූ හෙයින් ඔහු මුල සිටම හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුනේය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවෛද්ය සහායකයා ඒ අසලින්ම රැඳෙමින් ඔහු වෙනුවෙන් සියලු වර යොදන්නට වූයේ තවත් කළ හැකි යමක් ඉතුරුව තිබේදැයි නිරතුරු විමසිළිමත් වෙමිනි. සිය ජීවිතය ජීවත් \u003c\/span\u003e\u003cspan\u003eකරවීම උදෙසා හෙලිකොප්ටරය තුළ සෙසු අය දරන \u003c\/span\u003e\u003cspan\u003eවෙහෙස තුවාලකරුටද දැනී තිබූ සෙයකි. එනිසාම සියලු අපහසුතා හමුවේ වුව අවසන් හුස්ම පොද ඉතිරි කරගන්නට ඔහුද අසීමිතව වෑයමි කරනු පෙනිණ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":44265024356439,"sku":"195074","price":1500.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AmariyaSeelF1.webp?v=1789032101"},{"product_id":"ranamaga-osse-nandikadal","title":"රණමඟ ඔස්සේ නන්දිකඩාල් | Ranamaga Osse nandikadal","description":"\u003cp\u003e\u003cspan\u003eවසර 30 ක දීර්ඝ කාලයක් ත්රස්තවාදයට එරෙහිව දීර්ඝ යුද්ධයක නිරත වූ ශ්රී ලංකා යුද්ධ හමුදාව සටන් කරන ලද්දේ මෙතෙක් කල් ලොව බිහිවූ දරුණුතම සහ කෲරතම ත්රස්තවාදී සංවිධානය ලෙස පිලිගත් ද්රවිඩ විමුක්ති කොටි සංවිධානය (LTTE) සමඟය. අද ලොව පුරා ත්රස්තවාදීන්ගේ බලගතුම අවිය ලෙස භාවිතා වන මරාගෙන මැරෙන \" මිනිස් බෝම්බ \" වල අරුමය ලොවට කියා දුන්නේ මෙම සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ය. කුඩා ත්රස්තවාදී කණ්ඩායමක් ලෙස ආරම්භ කළ එල්ටීටීඊ සංවිධානය පසුකලෙක තවත් අතිදක්ෂ යුද්ධ හමුදාවක් බවට පත් කිරීමට ඔහු සමත් විය. තම නායකයා වූ වේලුපිල්ලේ ප්රභාකරන්ගේ අණ වචනයට ගරුකර තම ජීවිතය නැතිවන තුරු සටන් කිරීමට සැදී පැහැදී සිටි අති දක්ෂ, අත්දැකීම් බහුල සහ පළපුරුදු සටන්කරුවන් දස දහස් ගණනකින් සමන්විත වූ මෙම දරුණු ත්රස්තවාදී සංවිධානය 30 වසරක් පුරා දිවුණු යුද්ධයකින් පසු අවසානයේ වසර 2009 දී සහමුලින්ම පරාජය කිරීමට ශ්රී ලංකා යුද්ධ හමුදාව සමත් විය. වසර 2009 මැයි 19 වන දින නන්දිකඩාල් කලපුවේදී ජෙනරල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් සටන් කළ 53 වන සේනාංකයේ සෙබළුන් විසින් වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු ජ්යෙෂ්ඨ නායකයින් රාශියක් සටනේදී මරා දමන ලද අතර එය ශ්රී ලංකාව තුළ චල්ටීටීඊ සංවිධානයේ අවසානය සනිටුහන් කළේය. 1983 සිට 2009 දක්වාම පැවැති සටන් වලට සක්රීය දායකත්වයක් සහ සක්රීය නායකත්වයක් ලබාදුන් ජෙනරල් කමල් ගුණරත්න විසින් මෙම ග්රන්ථය ලියන ලද අතර දිගින් දිගටම පරාජයේ අම්භිර අත්දුටු ශ්රී ලංකා යුද්ධ හමුදාව අවසානයේ ජයග්රහණයේ මිහිර අත්දුටු ආකාරය විස්තර කෙරෙන සත්ය කතාව මෙහි ප්රකාශ කර ඇත\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Vijitha Yapa Bookshop","offers":[{"title":"Default Title","offer_id":44265627713623,"sku":"158238","price":3000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/RanamagaOssenandikadalF1.webp?v=1789036377"},{"product_id":"boot-lace","title":"බූට් ලේස් | Boot Lace","description":"\u003cp\u003e\u003cspan\u003eසිය පාදයේ පහළ කොටසට වෙඩි ප්රහාරය එල්ලවත්ම ලුතිනන් මැදවල විසිවී ගොස් ඇදවැටුණේ යාබද වතුර වළකටය. ඒ සමගම තැන තැන තවත් සෙබළු කිහිපදෙනකුම එලෙස වෙඩි වැදී බිම පතිතවන අයුරු ඔහුට දැකගත හැකි විය. එසේ තුවාල ලැබූවන් හැකි අයුරින් ඉදිරියට රැගෙනයාමට ඇතැම්හු අසාර්ථක උත්සාහයක නිරතවන්නට ද වූහ. නමුත් දිගින් දිගටම එල්ලවන සතුරු ප්රතිරෝදය හමුවේ එහි කිසිවකුට තවකෙක් වෙනුවෙන් උපකාර කළ හැකි තත්වයක් නොවීය. මේ අතර සෙබළෙකු පැමිණ වතුර වළෙහි වැටී සිටි ලුතිනන් මැදවල ගේ කරට අත දමා ඔහුව වත්තම් කරගනිමින් ඉදිරියට යාමට උත්සාහ දැරීය. නමුත් එම සෙබළාට සහාය විය හැකිව තිබුණේ පියවර කිහිපයක් දුරට පමණි. ඒ ආසන්නයෙන්ම ඇදී ආ උණ්ඩයකින් ඔහුව සැනින් නිහඬ කරවූයේ අවාසනාවන්ත ලෙසය. එම සෙබළාගේ මරණය හමුවේ ලුතිනන් මැදවලට සිය වේදනාව අමතක වූ සෙයකි. හෙතෙ එම වතුර වළෙහිම වැතිරී තම පාදය අතගා බැලීය. එහිදී ඔහුට දැනුණේ දණහිසට පහළින් එය කුඩුවී අස්ථි පවා පිටතට නෙරා ඇති අයුරුය. පාදයේ පිටුපස කොටස පමණක් ඉතිරිවී යාන්තමින් එල්ලා වැටෙමින් තිබිණ. පැවති අඳුරද අඛණ්ඩව ඇද හැලෙමින් තිබූ වර්ෂාවද අතරේ ඔහු උඩුබැලි අතට හිඳ මඳක් හිස හරවා බැලීය. වම් කකුල කිසිවිටෙකත් සෙලවිය නොහැකි බැවින් ඔහුට මුණින් අතට හැරී භූමියේ ගමන් කිරීම කිසිසේත්ම කල නොහැකි විය. එහිදී ඔහුට ඉතිරිව තිබුනේ පසුපසට ගමන් කිරීම පමණි. ඒ අනුව අත් දෙක හා දකුණු පාදය ආධාරයෙන් ඔහු පිටුපසට ඇදෙන්නට වූයේ උඩුබැලි අතට සිටින ඉරියව්වේම රැඳෙමිණි. එය වූ කලී අතිශය අපහසු ගමනක් වූ අතර ඊට පෙර හමුදා පුහුණුවකදී හෝ ඔහු එලෙස ගොස් නොතිබිණ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":44265690890327,"sku":"204993","price":1600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BootLaceF1.webp?v=1789038611"},{"product_id":"avikarayange-kavkara-sithuwili","title":"අවිකාරයින්ගේ කවිකාර ලියවිලි | Avikarayange Kavkara Liyauwili","description":"\u003cp\u003e\u003cspan\u003eයුද ගැටුම් පැවති බිමක බැලූබැල්මට ඇත්තේ ගිනිගෙන දැවුණු පරඬැල් බඳු ශේෂ වූ නටඹුන්ය. දෑසට ප්රිය උපදවන හෝ හදවතට සැනසිලිදායක කිසිවක් එහි ඉතිරි නොවේ. එහෙත් එවන් පරිසරයක් වුව සියුම්ව ගවේෂණය කරන්නේ නම් මනුස්සකම් රැඳි බොහෝ සංවේදී මතක සොයාගත හැකි වනු ඇත. වැසී ගිය යුද බිමක තොරතුරු ගවේෂණය යනු පොලව හාරා සිදු කරන්නක්ම නොවේ. එකී පරිසරයේ ජීවමාන අත්දැකීම් විඳිවුන්ගේ හදවත් හාරාද බොහෝ දෑ උකහාගත හැකිය. ඇතැම් විට ඒවා පොළොන්නරුව අනුරාධපුරය වැනි ඓතිහාසික ස්ථානවල කැණීම් කොට ලබාගන්නා නටඹුන් තරමටම වටින්නේය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසීගිරියේ කුරුටු ගී ගැන ඉතිහාසයේ පටන් කතාකරයි. එසේම සිපිරිගෙය තුළද නේවාසිකාගාර තුළද වෙනත් එවැනි වූ පොදු ස්ථානවල ද ඕනෑතරම් කුරුටු ගී ලියවී ඇත. තමුත් ඒ සියල්ල අතරේ අවි ගැටුණු යුද බිම තුළ ද එවැනිම කුරුටු ගී විශේෂයක් ලියවී තිබුණු බව යුද බිමෙහි අත්දැකීම් ලැබූවන් හැරෙන්නට සමාජයේ වැඩි දෙනකු නොදනිති.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමරණය අහඹුවක් නොවූ රණබිම තුළ සෑම ක්රියාකාරකමක්ම සිදුවූයේ රණවිරුවන්ගේ දහඩිය, කඳුළු, රුධිරය පිරි සංවේදී මැදිහත් වීම් මතින්ය. විරුවන්ගේ සුසුමක උණුසුමත්, සිනහවක දීප්තියත් මෙම කෘතිය හරහා අංශු මාත්රයකින් හෝ පාඨක ඔබට දැනේ නම් මේ පොත වෙනුවෙන් මා ගත් උත්සාහය සාර්ථකය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":44265700982871,"sku":"201531","price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AvikarayangeKavkaraSithuwiliF1.webp?v=1789039564"},{"product_id":"avibimaka-giniyama","title":"අවි බිමක ගිනියම | Avibimaka Giniyama","description":"\u003cp\u003e1990 කොකාවිල් ප්රහාරය වූ කලී පසුගිය තිස් වසරක යුධ ඉතිහාසය තුළ සිදුවූ බිහිසුණුම හා සංවේදීම සිදුවීමකි. එවකට කොකාවිල් හි පිහිටි රූපවාහිනී සම්ප්රේෂණ මධ්යස්ථානයෙහි සේවයේ නියුතුව සිටි 61 දෙනෙකු අතුරින් හමුදා භටයෝ 54 දෙනෙකු හා සිවිල් සේවකයෝ 4 දෙනෙකු එම ප්රහාරය හමුවේ තම ජීවිත පූජා කළ අතර තිදෙනෙකු පමණක් දිවි බේරා ගැනීමට සමත් වුහ. ප්රමාණවත් තරම් ආහාර පාන හෝ පතුරොම් නොමැතිව පුරා දින 26 ක් සතුරාට යටත් නොවුණු ඔවුන් කඳවුර අතහැර පලා ඒමට උපදෙස් ලැබී තිබියදීත් තුවාල ලත් සගයින් දමා යා නොහැකි බැවින් මියෙන තුරුම සටන් වැද තම ජීවිත රට වෙනුවෙන් පුදකළේය. ඉහත ක්රියාදාමයට නායකත්වය ලබාදුන් ලුතිනන් සාලිය අලදෙණිය පසුව කපිතාන් නිළයට උසස් කොට රණවිරුවෙකුට පිරි නමන ඉහලම සම්මානය වන “පරම වීර විභූෂණයෙන්” පවා පිදුම් ලැබුවේය. එසේම ඉතිහාසයේ ප්රථම වතාවට එම සම්මානය හිමි කරගත් නිලධාරියා වන්නේද ඔහුය. \u003c\/p\u003e\n\u003cp\u003eනමුත්, අවාසනාවකට එවන් අභීත රණවිරුවෙකු පිළිබඳ මතකය වත්මන් සමාජය වෙතින් දුරස්ව ඇත. මව්බිම වෙනුවෙන් තම දිවි දෙවැනිකොට කැප වූ එකී අලදෙණිය ඇතුළු රණවිරුවන් පිළිබඳ සැබෑ මතකය මතු පරපුරට දායාද කරලීම යුතුකමක් සේම ජාතික වගකීමක් ලෙස සලකමි. පුරා වසර 03 කට ආසන්න කාලයක් සිදුකළ අඛණ්ඩ ගවේෂණයකින් අනතුරුව සත්ය හා විශ්වාසනීය තොරතුරු මත පදනම්ව මෙම ග්රන්ථය ලියන්නට මා උත්සුක වූයේ එබැවිනි. මෙම පොත ලිවීම සඳහා කොකාවිල් හා මාන්කුලම් ප්රහාරයට ඝෘජුව හා වක්රව සම්බන්ධ ආරක්ෂක අංශ වල පිරිස්, කපිතාන් අලදෙණිය ඇසුරු කළ සෙසු පුද්ගලයින් ඇතුළුව 60 දෙනෙකුට ආසන්න සංඛ්යාවක් දිවයිනේ විවිධ ප්රදේශ වල සංචාරය කරමින් පුද්ගලිකවම හමුවී සම්මුඛ පරික්ෂණයට භාජනය කොට ඇත. විශේෂයෙන්ම එකී සිදුවීම සිදුවූ මාන්කුලම් හා කොකාවිල් කඳවුරු පිහිටි ස්ථාන වෙත කිහිප වතාවක්ම ගොස් ගවේෂණ කටයුතු සිදුකරන ලද අතර මෙම සිදුවීමට සම්බන්ධ විදෙස් රට වල වෙසෙන පුද්ගලයින්ද අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගන්නා ලදී. එසේම එවකට පලවූ පුවත්පත් වාර්තා ගුවන් විදුලි හා රූපවාහිනි වැඩසටහන් ඇසුරින්ද තොරතුරු ලබාගෙන ඇත. \u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eමෙම කතාව දශක තුනක් පමණ එහාට දිවයන්නකි. ඊට සම්බන්ධ පුද්ගලයින් වැඩි දෙනෙකු අද වන විට වයස්ගතව ඇත. එබැවින් ඔවුන් තුළින් නිවැරදි මතක හාරා ඇවිස්සීම ඉතා අපහසු කටයුත්තකි. විශේෂයෙන්ම මෙම සිදුවීමට අදාල වැදගත් හා නිවැරදි සවිස්තරාත්මක තොරතුරු පොත පතක හෝ අන්තර්ජාලයේ නොමැති බැවින් ඒ සියල්ල පුද්ගලයින්ගේ මතක ඇවිස්සීමෙන්ම ලබාගත යුතුවිය. ඒ මතක සොයා පසුගිය තෙවසරක් තිස්සේ ශ්රි ලංකාව පුරා ගිය ගමන වෙනුවෙන් මා පසුකළ දුර කිලොමීටර් 15,000 කට වැඩිය. \u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eඑසේම, එකතු කර ගත් මතක නිවැරදි අනුපිළිවෙලට ගලපා ගැනීම මා මුහුණ දුන් තවත් දුෂ්කරතාවයකි. විශේෂයෙන්ම සිද්දි සමුදායක් එකම මොහොතක සිදුව තිබූ අවස්ථා මෙම කතාව තුළ කොතෙකුත් තිබේ. එවැනි සිදුවීම් පාඨකයා තුළ පටලැවිල්ලක් ඇති නොවන ලෙස ලිවීමට මම බෙහෙවින් පරිස්සම් වුණෙමි. එම අභියෝගය මම කොතෙක් දුරට ජයගෙන ඇත්දැයි තීරණය කිරීම පාඨක ඔබට භාර කරමි. \u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eඇතැම් බලවත් රටවල් පවා තවමත් ත්රස්තවාදයෙන් බැට කමින් තිබේ. නමුත් අප එම යුගය පසුකර දශකයකට ලංව ඇත. එසේම සාමයේ අගය හා නිදහසේ වටිනාකම මේ යැයි පසක් කරමින් මෙරට තුළ තිස්වසක් තිස්සේ ඇවිලුණු යුද ගිනි නිවීමට අප විරෝධාර හමුදාවෝ සමත් වුහ. නමුත් එකි සාමය හා නිදහස වූ කලි බන්දේසියක තබා පුදනු ලැබු හෝ නිරායාසයෙන් උරුම වූවක් නොවන්නකි. ඒ වෙනුවෙන් හෙලූ ලේ දහඩිය සේම කැපකළ ජිවිත වල වටිනාකම තක්සේරුකළ නොහැකිය. එබැවින් මතු පරපුරට එම යථාර්ථය අවබෝධ කරදීම සැමගේ වගකීමකි. \u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eපලවන හා දෙවන ලෝක යුද්ධ වලින් පසුවද ලෝකයේ පැවති වෙනත් ප්රධාන යුධ ගැටුම් අවසානයේද ඊට සම්බන්ධ වූ සෑම රටකම පාහේ යුධ සාහිත්යයක් ලියවි ඇත. පසුකාලීනව එම යුධ සාහිත්යය සිනමාව හරහාද මුළු ලොව පුරා ව්යාප්ත විය. ශ්රි ලංකාවේද 30 වසරක යුද්ධයක් අවසන්ව ඇත. අප එම සටන නිමා කළේ ලොව දරුණුතම ත්රස්තවාදය පරාජය කළ විශිෂ්ඨතම හමුදාව ලෙස වූ අභිමානයද සමගිනි. නමුත් අවාසනාවකට අප රටෙහි එවැනි යුධ සාහිත්යයක් බිහිවී නොමැත. විටින් විට ඒ පිළිබඳ සමාජයේ කතිකාවක් ගොඩනැගුනද, ඒ සම්බන්ධව අතලොස්සක් පොත් ලියවුනද ඉන් යුධ සාහිත්යයක් මෙරට බිහි කිරීමට ප්රමාණවත් දායකත්වයක් ලැබී නොමැත.\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003e30 වසරක් පුරා මෙරට පැවති යුද්ධයට සක්රීයව දායත්වය දැක්වු බොහෝ දෙනෙකු ගෙවී ගිය දශකය තුළ සේවයෙන් ඉවත්ව හෝ විශ්රාම ගොස් ඇත. ඉදිරි කාළ පරිච්ඡේදය තුළදීද තවදුරටත් එවැනි පිරිස් හමුදාවෙන් ඉවත් වීමට නියමිතය. තවත් දශක දෙකක් පමණ ගිය තැන යුධ හමුදාපතිගේ සිට අවසාන සෙබළා දක්වා කිසිදු යුද අත්දැකීමක් නොමැති පිරිසක් ශ්රි ලංකා යුද හමුදාව තුළ බිහිවනු ඇත. ඕනෑම රටක හමුදාවක ඇතිවිය හැකි සාමාන්ය තත්ත්වය එය බව සැබෑ මුත් යුද අත්දැකීම් යනු විශ්රාමය සමග රැගෙන යායුතු දෙයක් නොවේය. එය ඉදිරි රණවිරු පරපුර උදෙසා බෙදාදිය යුතු දෙයකි. අනාගත හමුදාවක අභිමානය රඳා පවතිනුයේ එකී අත්දැකීම් මතින් ලබන පන්නරය තුළිනි. එබැවින් තමන් සතු යුද අත්දැකීම් ලේඛණගත කිරීම එකී අත්දැකීම් සහිත සෑම තරාතිරමකම හමුදා සාමාජිකයින් සතු අත්හල නොහැකි වගකීමකි. \u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eඅපට යුද්ධයේ නටඹුන් ඉතිරි කල නොහැක. කළහැක්කේ එකී අත්දැකීම් මතු පරපුරට දැනකියා ගන්නට ඉඩ හැරීමය. එය අද දිනයේ අපකවුරුන් හෝ කළ යුතුය. යුද්ධයේ අත්දැකීම් සහිත හැමෝටම කියන්නට කතාවක් ඇත. තිස් වසක් තිස්සේ රණබිම තුළ ඔවුන් ඇසු දුටු අත්දැකීම් එකී හදවත් වල තෙරපෙමින් කැකෑරෙමින් තිබේ. ඔවුන් විශ්රාම යාමට පෙර එකී කතා සමාජගත කිරීමේ වැදගත්කම මතු වන්නේ එබැවිනි. ගෙවුනු 27 ත් වසකට ආසන්න වූ කාලපරිච්ඡේදය පුරා මා යුධ හමුදාව තුළ අඛණ්ඩව සාහිත්යකරණයේ නියැලෙමින් නිහඩව පණ දුන්නේ එකි මෙහෙවරටය. \u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003e- මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ - \u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":44265704128599,"sku":"172411","price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AvibimakaGiniyamaF1.webp?v=1789040287"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/war-story.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}