{"title":"පරිවර්තන | Translations","description":null,"products":[{"product_id":"barathiiya-upadesha-katha","title":"භාරතීය උපදේශ කතා | Barathiiya Upadesha Katha","description":"\u003cp\u003e\u003cspan\u003eභාරතීය කථා සම්ප්රධාය මානව ශිෂ්ටාචාරයේ දුර්ලභ ධන නිධාන අතර ඇති මහාර්ඝ වස්තුවකි. එය සියවස් ගණනාවක සිට සදාචාර අධයාපනය, ව්යවහාර, බුද්ධිය, ජීවිත දර්ශනය යනාදි දේ සරල, රුචිකර හා මතකයේ රැඳෙන ආකාරයෙන් පරම්පරා ගණනාවක් තිස්සේ රැගෙන වමින් පවතියි. පංචතන්ත්රය, හිතෝපදේශය, කථා සරිත් සාගරය හා ජාතක කථා හුදු කථා සංග්රහ පමණක් නොවේ. ඒවා ජීවිතය තේරුම් ගන්නා, සමාජයේ සමබර හැසිරීම් විකාසයට පත් කරන, එමෙන්ම යහපත් මඟ පෙන්වීම් කරන සම්ප්රධායන් ලෙස තේරුම් ගත යුතුය. මේ වැදගත් කර්තව්යය ඉදිරිපත් කිරීමේ ලා කෘතහස්ත ලේඛක ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ගේ දායකත්වය අතිශය ප්රශංසනීය බව ප්රකාශ කළ යුතුය. එතුමා මේ කථාන්තර සරල සිංහල බසින් ඉදිරිපත් කිරීම මඟින් පැහැදිලිවම භාරතීය උපදේශ කථා උරුමය ශ්රී ලංකාවේ දරු-දැරියන්ට සමීප කිරීමට ගත් අප්රමාණ උත්සාහය අතිශයින් කැපී පෙනෙයි. මේතුමාගේ මේ ප්රයත්නය අධ්යාපනික වශයෙන් මෙන්ම භාරත - ශ්රී ලංකා සංස්කෘතික සබඳතා වලට ද, එ මෙන්ම සදාචාරය පිළිබඳ අදහස් හුවමාරුවලටද ඉමහත් වටිනාකමක් ලබා දෙයි. ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතාණන්ගේ මෙම අර්ථාන්විත, දූරදර්ශී කර්තව්යයට මම මගේ අත්යන්ත ගෞරවය පුද කිරීමට කැමැත්තෙමි\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44030258315351,"sku":null,"price":1000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Barathiiya_Upadesha_Katha_F1.webp?v=1784106006"},{"product_id":"punchi-soldadhuwa","title":"පුංචි සොල්දාදුවා | Punchi Soldadhuwa","description":"\u003cp\u003eඅල්යොෂා ආරම්භ කළ කතාව නොනවත්වාම කීවේය. කතාව අවසානයේදී එකිනෙකා අතර නොයෙකුත් අදහස් හා වාද විවාද හුවමාරු විණි. අයෙකු පැවසුවේ තම පුතුට වෙඩි තැබීම සම්බන්ධයෙන් තරාස් වැරදිකරුවෙකු බවය. පෝලන්ත ගැහැනු ළමයෙකු හේතු කොටගෙන ඔහු අදූරදර්ශී ලෙස තීරණ ගෙන ඇති බවය. ඒ මදිවාට ඇන්ඩ්රි යනු බේබද්දෙක් හා සමාන පුත්රයෙකි. තවත් සමහරෙකු පැවසුවේ පියා කළේ නිවැරැදි දෙයක් බවකි. තම පුත්රයා තමාගේ වර්ගයා සමග සටන් වැදෙන්නේ නම් පියා එවැනි තීරණයක් ගැනීම සාධාරණ වගකි. තවත් අය කියා සිටියේ ඇඩ්රේට ඔහු තදින් දඬුවම් කළ යුතු නමුත් මරා නොදැමිය යුතු බවය. එම පිරිමි ළමයා පුනරුත්ථාපනය කළ හැකි නොවේද?\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44030262280279,"sku":"205218","price":900.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Punchi_Soldadhuwa_F1.webp?v=1784106006"},{"product_id":"godfather","title":"ගෝඩ්ෆාදර් | Godfather","description":"\u003cp\u003e\u003cbr\u003eමං කැමති නෑ ලේ හලන්න. මං බිස්නස්කාරයෙක්, ලේ කියන්නෙ සල්ලි               \u003c\/p\u003e\n\u003cp\u003eදුෂ්ටයෙක්ද? කප්පම්කරුවෙක්ද? වංචනිකයෙක්ද? මිනිමරුවෙක්ද?\u003cbr\u003eමුළුමහත් අමෙරිකානු සමාජයටම අසීමිත බලපෑමක් කළ නීතිගරුක සාධාරණ පුද්ගලයෙක්ද?                         නොහික්මුණු ආවේගයකින් ගලා යමින් උපරිම ආශ්වාදයක් ලබා දෙන අමෙරිකානු මාෆියාවේ ලෙයින් වැකුණ කතා පුවත\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44030264934487,"sku":"158197","price":1750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Godfather_B1.webp?v=1784106006"},{"product_id":"baratheeya-janakatha-100","title":"භාරතිය ජනකතා 100 | Baratheeya Janakatha 100","description":"\u003cp\u003eභාරතීය ජනකතා සියයක් කළේ එළි දැක්වෙන මෙම කතා සංග්‍රහය ශ්‍රී ලංකාවේ හින්දි බස පිළිබඳ ජ්යෙෂ්ඨතම විද්වතා වශයෙන් සැලකෙන කැලණිය විශ්වවිද්යාලයේ  හින්දි අධ්යයනාංශයේ වි ජේෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ විසින් පරිවර්තනය කොට ඇත. ඔහුගේ හින්දි විෂය පිළිබඳ ආචාර්ය උපාදිය  ඉන්සදියාවේ  ජවහර්මලාල්  නෙහ්රූ විශ්වවිද්‍යාලයේදී සම්කිපුර්රීණ කිරිමට හැකි වීමෙන් හින්දි භාෂාව හා සාහිත්යය පිළිබඳව වඩාත් ගැඹුරින් අධ්යයනය කිරීමේ අවස්ථාව ඔහුට ලැබී ඇත. එමෙන්ම    ශ්‍රී ලංකාවේ  හින්දි බස ප්රචාරය කිරීමෙහි ලා දශක තුනකට අධික  කාලයක් තිස්සේ ඔහු විශේෂ දායකත්වයක් ලබා දී ඇත. මෙවැනි ජනකනා සියයක් සිංහල බසට පරිවර්තනය කිරීම ඔහුගේ දර්ශන ශාස්ත්රීය හා සංස්කෘතික අත්දැකීම්වල ප්රමාණිකත්වයට සාක්ෂිය්කි.\u003c\/p\u003e\n\u003cp\u003e මහාචාර්ය හේවාවිතානගමගේ විසින් සිදු කරන ලද මේ පරිවර්තන කාර්යයේ  මට්ට හුදූ භාෂා  කුසලතාවයක්ම මතම පදනම වී  නැති  අතර , ඒවා භාවාත්මක වශයෙන් හා සංස්කෘතික සන්දර්භයේදීද ඉහළ තලයක පවතින බව පෙනී යයි. මේ ජනකතා වලින් භාරතය සහ  ශ්‍රී ලංකාව අතර පවතින සංස්කෘති සේතුවට තවත් බාරසාර බවක් එකතු වෙනු නිසැකය. මෙම ජනකතා සංග්රහය සිංහල පාඨකයන්ට  මනෝරංජනයක් පමණක් ලබා නොදෙන්නක් වන අතර, භාරතයේ විවිධ විචිත්‍ර සංස්කෘති සහ ජන විඥානය පිළිබඳවත් ගැබුරු  අවබෝධයක්වි ලබා දෙනු ඇතයි විශ්වාස කරමි. එමෙන්ම සද් කාර්යය භාෂා පරිවර්තනය, අන්තර් සංස්කෘතික සංවාදය මෙන්ම ශාස්ත්රීය පර්යේණ් යන ක්ෂේත්‍රවල පාඨකයන්ට සහ පර්යේෂකයන්ටද මහගු අවස්ථා රැසක් උදා කර දෙන විශිෂ්ට කාර්යයක් බවට පත් ඔහු නොඅනුමානය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032124158039,"sku":"205223","price":2000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Baratheeya_Janakatha_100_F1.webp?v=1784106006"},{"product_id":"sen-bodu-katha","title":"සෙන් බොදු කතා | Sen Bodu Katha","description":"\u003cp\u003eපරිණත ලේඛකයකු වූ පර්සි ජයමාන්න තම මාධ්ය වූ පුවත්පත් කලාවෙන්, කර්තෘත්වයෙන් එදා මෙදා තුර ගිණිය නොහෙන පිරිසකට අතහිත දුන්නේය.' නස්රුදීන් සහ සුෆි'  උපමා කතාවන්ගෙන් අපට අර්ථවත් රසයක් දායාද කළ මේ ලේඛකයා සෙන් දහම සම්බන්ධ සුනිශිත කතා පෙළකින් පාඨකයාට අනර්ඝ සංග්රහයක් කරයි. ධාන්‍ය නම් වූ අර්ථ විශද කරන සේන් කතා ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසීම සැහැල්ලුව හා ඤාණ මාර්ගය විවෘත කර ඇත. විවෘත මනසකින් මේ කතා කියවා රස විඳින කල්හි පාඨකයාගේ ගුණ නැණ අවදි වෙයි. සිත කය වදන යන තුන්දොර සංවර වෙයි. ශික්ෂිතපුද්ගලයා තමන්ටත් ලෝකයටත් මහඟු ආයාදයකි. සරලව සිංහල බසට නඟා ඇති මේ සෙන් බොදු කතා දැඩි රුචියෙන් කියවා බලා එහි රසරුත් උකහා ගත හැකිය. මේ මනරම් කතා කියවන පාඨකයාට ලැබෙන ප්රයෝජන  අපමණය.                        මෙබඳු වටිනා ගතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පර්සි ජයමාන්නයන්ට සැමගේ ප්‍රශසන්ශාව හා ගෞරවය හිමිවිය යුතුය.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eආචාර්ය ප්රණීත් අභයසුන්දර\u003cbr\u003eසමාජ විද්යා හා මානව විද්යා අධ්යයනාංශය ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032181403735,"sku":"104487","price":750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Sen_Bodu_Katha_F1.webp?v=1784106006"},{"product_id":"maa-aa-mawatha","title":"මා ආ මාවත | Maa Aa Mawatha","description":"\u003cp\u003eමානව ක්රියාකාරීත්වය සඳහා ජීවත් වන පරිසරය ප්‍රබල බලපෑමක් සිදුකරයි. එය ලෝක ස්වභාවයයි . මෙයට පසුබිම්ව වන ග්‍රාමයේ ස්වභාවය හා එයට අනුගත ව ජීවත් වන මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ලේඛකයා කරන විවරණය සාහිත්ය නිර්මාණයත සීමාවන් අනිත්රහය කරමින් සමාජ විද්යාව, මානව විද්යාව, ජනශ්රැති, ග්‍රාමීය ජනතාවගේ පාරම්පරික දැනුම හා හැකියාවන් ආදිය පිළිබඳ ව ද පාඨන අවධානය යොමු කරලීමට මග පාදයි.\u003cbr\u003eවාර්ගික අර්බුදයට පෙර අත්දැකීම මෙම කෘතිය මගින් පාඨකයාට කියවීමට ලැබෙන්නේ එම අර්බුදයෙන් පසුකාලීන යුගයක ය. එම නිසා පාඨකයා කල ගැනීමට ලැබෙන අත්දැකීම් ඉතා ප්‍රබලය. ශ්‍රී ලාංකීක දූපතේ පවතින බහු සංස්කෘතික සමාජයේ තත්ත්වය හා වර්ධනය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගැනීමට නවකතාවේ ඇතළත් සංවාද මනා පිටිවහලක් ලබා දෙයි.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032203685975,"sku":"205224","price":1200.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Maa_Aa_Mawatha_F1.webp?v=1784106006"},{"product_id":"anna","title":"ඇනා | Anna","description":"\u003cp\u003e ශ්රම කදවුරේ හිටිය හිරකාරයන්ට මොකද වුණේ?\" පසුබාමින් මෙන් ඇතා කැප්ටත් රොබටීස්ගෙන් විමසා සිටියා ය. ජෝර්ජ් පිළිබඳ ඇගේ සිත අවිනිශ්චිත බවකින් පිරී තිබුණේ, එදා ආච්චි අම්මාගේ ගෙදර ජනේලයෙන් බලන විට සිරකරුවන් තිදෙනෙකුගේ මළ සිරුරු දුටු බැවිනි.\u003cbr\u003e\"අර ගමෙන් ටිකක් එහාට වෙන්න තිබුණු අපාය ද? අනේ අසරණ යක්කු ටික. අපි කඳවුර යටත් කර ගනිද්දී සමහර අය වෙඩිකාලා මැරුණා. උත් පිස්සු හැදිච්ච රැළක් වගේ දුවන්න පටන් ගත්තා. කොල්ල කෑවා. මිනී මැරුවා. දූෂණ කරන්න පටන් ගත්තා.\" කැප්ටන් රොබරිස් පැවසුවේය.\u003cbr\u003e\"ඒත් කවුද එයාලට වෙඩි තිබ්බේ?\" ඇතා විමසුවා ය. අපියි ඒක කළේ.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032329515095,"sku":"104233","price":750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AnnaF1.webp?v=1784094495"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/translations.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}