{"title":"තනුජා ලුම්බිණි තබවිට | Thanuja Lumbini Thambawita","description":null,"products":[{"product_id":"hoda-birinda","title":"හොද  බිරිඳ | Hoda Birinda","description":"\u003cp\u003eමම දවසක් මගේ සාරි කට්ට නැති වි හොයන විට මට සිහියක් නැතැයි කියමින් අපේ එක්කෙනා බැණ වැදුනේය. අම්මපා පිරිමි මහ පුදුම ජාතියක්ය. ඌ අනික් ගැනුන්ට කතා කරන්නේ \"ඔව් නංගි... නැ නංගි... ඇත්තටම නංගි... මෙහෙමයි නංගි... අනේ නෑ නංගි... අයියො නංගි... මම බලන්නම් අක්කේ... ඉන්නවද අක්කේ... කියන්න අක්කේ... මම දාන්නම් අක්කේ... තියෙනවා අක්කේ... එවනව අක්කේ\" ගගා ඉතා කරුණාවෙනි. අල්ලපු ගෙදර සුමේදාගේ ෆෙස්බුක් එක මොකක්ද එකක් වී හදා ගන්න ආ වෙලේ එයැයිට මේල් එඩ්රස් මතක නැතැයි කිව්වම අපේ එක්කෙනා එක එක ඒවා ගහමින් \" මේකද අක්කේ... මතක් කරන්න අක්කේ... \"යැයි කීවේය. මගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක අමතක වූ වේලේ \" ඕන එකක් කරගන්නවා... පාස්වර්ඩ් මතක නැත්තං ෆෝන් පාවිච්චි කරන්නෙපා \" යැයි සැර දැම්මේය.\u003cbr\u003eඅපේ එක්කෙනා කියන විදිහට පිරිමි අයට දේවල් හොයාගන්න බැරිවෙන්නේ ගැනු එලෝ මෙලෝ නැතුව අස් කරන නිසාය. ගැනු අපිට දේවල් හොයාගන්න බැරි වෙන්නේ අපට සිහිය නැති නිසාය\u003c\/p\u003e","brand":"Sayura Publications","offers":[{"title":"Default Title","offer_id":44110355103831,"sku":"205461","price":900.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HodaBirindaF1.webp?v=1786104466"},{"product_id":"96-pem-puwathk","title":"96 පෙම් පුවතක් | 96 Pem Puwathk","description":"\u003cp\u003e\u003cbr\u003eනින්ද යන්නෙ නැති එක දවසක මම කාමරේට වෙලා රේඩියෝ එක ටියුන් කර කර ඉද්දී හරිම ලස්සන කට හඬකින් ඇහුණා කඳු පාර ඈත අයිනේ සඳ රැක ඈ සිනාසේ,, වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා ජිවිතේ පුරා කියලා. ඇත්තමයි ඒක මිල්ටන් කියනවටත් වඩා ලස්සනට මට ඇහුණේ. මේ වෙලාවෙත් කොහේ හරි කඳු පාරක ගෙදරක හඳ පායපු මෙහෙම රැක මාව අහගෙන නේද ඔයා ඉන්නෙ කියල එයා ඇහුවා. මම හිටියෙ හැම වෙලේම වාහන හෝන් ඇහෙන කලබල නගරෙක උනාට ඒ රාත්රිය හරීම නිශ්ශබ්දයි. මට දැනුණා එයා කතා කරන්නෙ මට කියල. එයා තමා නාත් ඇහෙලේපොළ.\u003cbr\u003e''සාගරී! සාගරී! සාගරී! එදා දවසත් ඊටපස්සෙ උදාවෙන හැම දවසකමත් හැම මොහොතකමත් නාත්ට මතක් උනේ ඔහු ජීවිතේ තරමට ආදරය කරපු යුවතියව. අවුරුදු විසිගාණකට කලින් තුරුණු හිතේ ලැගුම් ගත්ත තුරුණු සිතුවිලි වලට ආදරය අනුරාගය දෙකම මුහු කරපු හීනයක් වගේ අතුරුදහන් වෙලා ගිය සොගරී දිසාසේකර ආයෙමත් නාත් ඇහැළේපොළගේ මුළු හදවතේම ලැගුම් ගත්තා.\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Sayura Publications","offers":[{"title":"Default Title","offer_id":44113421172823,"sku":"205460","price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/96PemPuwathKF1.webp?v=1786189205"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/thanuja-lumbini-thambawita.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}