{"title":"Swarna Pusthaka 2026","description":null,"products":[{"product_id":"nayanandaya","title":"ණයානන්දය | Nayanandaya","description":"\u003cp\u003e\u003cspan\u003eආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නැ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගත්ත ණය විතරක් නෙමෙයි ණය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e\u003cspan\u003eමිනිස්සු කවුරුත් මාව සිරියස් ගත්තේ නැ. සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ - විත්යා\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eස්නෝ වයිට්ට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? - සෙහස්\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ - කල්පනී\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eඋඹ හරි ආදරණීය මිනිහෙක්. ඒත් උඹ ගැනුන්ව තෝර ගත්තේ මෙන්ටලි ඩැමේජ්ජ බියෝන්ඩ් රිපෙයාර් කියන කැටගරියට ගිහිල්ලද? - සෙව්වන්දි\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eඇබ්බැහියෙන් මිදෙනෙක හරි පහසුයි. මම එකසිය විසිහත් වතාවක් සිගරට් බීම නවත්තලා තියෙනවා. ඇබ්බැහිය නවත්වන එක පුරුද්දට ගියාම ඒක \u003c\/span\u003e\u003cspan\u003eනවත්ත ගන්නයි අමාරු - අරවිනද\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44412177907799,"sku":"203103","price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NAYANANDAYAF1.webp?v=1791176584"},{"product_id":"sunakha-aaryaa","title":"සුනඛ ආර්යා | Sunakha Aaryaa","description":"\u003cp\u003e\u003cspan\u003eළය පාරන අවතාරරූපී රාත්රී කතාවක් ලෙස දිග හැරෙන්නේ රංජිත් ජයසිංහ නම් වූ මියගිය ඉංග්රීසි පුවත්පත් කතුවරයකුගේ ද්රවිඩ වැන්දඹු බිරිය වූ ප්රියා නම් තවත් පුවත්පත් කලාවේදිනියකගේ අනුරාගී හුදකලා දිවි පුවතයි. ප්රියා තම වැන්දඹු දිවිය යුතු කොළඹ, ජාතිවාදයේ නැඟීම හා උතුරේ යුද්ධයේ විපාක අත්දකින ශෝකී පශ්චාත් - අගනගරයක් ලෙස චිත්රණය වේ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eසිය සැමියාගේ සමීප හිතවතියකව සිටි ආදිත්යයා නම් තරුණ දන්ත වෛද්යවරියකි. වාමාංශික නැඹුරුකම් අත්හැර ජාතිවාදයට නැඹුරු වූ ආනන්ද සමරසේකර නම් සිංහල ලේඛක රත්නයකි. ඉංග්රීසි පුවත්පත් කලාවේ මුලකුරු කියවන අතරේ අනතුරුදායක උතුරු යුද කලාපවල හිතුවක්කාර ලෙස සැරිසරමින් සිට පිනීවාහි දේශපාලන රැකවරණ සොයා යන ෆරීඩා සහ හදිසියේ අතුරුදහන් වන දිනේශ් උදුල් නම් තරුණ පෙම්වතුන් යුවළකි. සම්භාව්ය ලිබරල් පුවත්පත් කලාවේ අවසානය සලකුණු කරමින් කොළඹ පත්තර සමාජයෙන් සමු ගන්නා මර්වින් මැතිව්ස් නම් පුවත්පත්කලාවේදී පාඨකයෙකි. ප්රියාගේ නොමසුරු සත්කාර ලබන රාත්රී විථි සුනඛ ප්රජාවකි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eසිංහල ප්රබන්ධයට අලුත් ක්ෂිතිජ යෝජනා කරන්නා වූ මේ නව්යතර චරිතයෝ අධිසැර විද්යුත ධාරා සේ මතු වෙත්. භාව කාව්යමය ලෙස අනුවේදනීය අතීත ස්මරණ හා සමතැන් ගන්නේ කොළඹ මධ්යම රාත්රී ජීවිතය යි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eප්රියා තම විවාහයට අත්සන් කළ මහා ලේඛකයා කලකට පසු දකින්නේ යෝධයකු ලෙස නොව අඟුටුමිට්ටකු ලෙසිනි. එය මානවවාදය හා අගනාගරිකව බිඳ වැටුණු ලොවක මිනිස් සුසුම හා භෞම - දේශපාලනික විලාපය ලෙස සැලකිය හැකිය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"S.Godage Publisher","offers":[{"title":"Default Title","offer_id":44436438351959,"sku":"205185","price":950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SUNAKHAAARYAF1.webp?v=1791629929"},{"product_id":"mawwath-hadawath","title":"මව්වත් හදවත් | Mawwath Hadawath","description":"\u003cp\u003e\u003cspan\u003eඇතැම් පැළ තියෙනවා වතුර දාන පමාවෙන් ඒ වතුර ටික උරාගන්න.  අම්මා අයිති වුණේ ඒ පැළ ගොඩට. තාත්තා තමන්ගේ හඬ පාවිච්චි කරලා වීසිකරන වචන සේරම අම්මා, උරාගත්තා. සේරම දුක් දරාගත්තා. ඒ වතුර ඇය මත්තේ වැටෙන්න නොදී අම්මා තමන්ගේ අත් දෙක අල්ලලා අත්වලට අරගත්තා. ඒ වතුරෙන් මුළු හිතම තෙමාගත්තා. සමහරදාට ඒ වතුර කන්දට යටවුණා. අම්මා ඇය ගැන හිතලායි වතුරෙන් ගොඩ ආවෙ. නැත්නම් ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා වතුරෙ ගිලෙන්නයි අම්මගේ හිතේ තිබුණෙ\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Grantha Publishers","offers":[{"title":"Default Title","offer_id":44436441464919,"sku":"205473","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MAWWATHHADAWATHF1.webp?v=1791630422"},{"product_id":"sigiri-kodew","title":"සීගිරි කොදෙව් | Sigiri Kodew","description":"\u003cp\u003e\u003cspan\u003eබොඳව යන පරම්පරාවක ආලේඛ්ය නිරූපණයක් සේ, ගෙවී ගිය යොවුන් වියක මතක සමුච්චයක් සේ, යෞවනත්වයේ ප්රතිනිර්මාණයක් සේ, සියල්ලටමත් වඩා අලුත් ආකාරයට හිතන, නව දෘෂ්ටිකෝණ සොයන පරපුරක ඇරැඹුමක් සේ ගලා යන මතීෂගේ කතාවයි, සීගිරි කොදෙව්’. යාන්තම් උසස් පෙළ ලියා අවසාන කළ ගැටවරයකු සීගිරියේ නින්නාද වන පෞරාණික සුවඳින් හා එහි යටගියාවේ අරුමැසි බවින් පෝෂණය වෙමින් කියන කතාවත්, තමා සතු නොස්ටැල්ජික මතක හා අත්දැකීම් එකට කලතමින් සීගිරි භුමියත් ගල්කිස්සත් අතර ගෙත්තම් කරන සමාජ සංස්කෘතික වියමනත්, ඔහු තුළ සැඟව ඇති වටිනාකම් ඉස්මත්තට කැඳවීමට දරන උත්සාහයත්, ඔහුගේම ජාගර චිත්තයෙහි වැඩෙන සුවිසල් ගිරි ශිඛරයක ඇරැඹුමත් යන මේ සියල්ල අපට මේ කතාව තුළ මුණගැසේ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමොරටුව විශ්වවිද්යාලයෙන් ඉංජිනේරු උපාධිය හැදෑරූ ශමෙල් ජයකොඩි සිවිල් ඉංජිනේරුවරියක ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරියට බැඳී දිවයින පුරා සේවය කරමින් ලැබූ අත්දැකීම් චිත්රණය කරමින් නිර්මාණකරණයට පිවිසියාය. ශ්රී ලාංකේය රසික විචාරක පර්ෂදයේ නොමඳ අවධානයට ලක් වූ නවකතා ගණනාවක් නිමවා ඇති ඇයගේ 'කොස්මොපොලිටන් ජීවිත', 'මගේ චිකාගෝ හදවත', 'වීනස්ගේ උපත', ‛ඇමෙරිකා’, 'ප්රංශ පෙම්වතා', 'රෝසමාලී', 'ගැහැනු ළමයාගේ මරණය', 'පියාපත් ලත් දෝණිය’, ‛පරාදීසයක දරුවෝ’ යන කෘති ස්වර්ණ පුස්තක හොඳම නවකතා වශයෙන් නිර්දේශිතව සම්මාන උලෙළ නියෝජනය කළේය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44436443070551,"sku":"203125","price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SIGIRYKODEWF1.webp?v=1791630843"},{"product_id":"iti-kutiya-vinividimi","title":"ඉටි කුටිය විනිවිදිමි | Iti Kutiya Vinividimi","description":"\u003cp\u003e\u003cspan\u003eසිතෙන් සිත හැඳින එක්වන, කාලයේ අනේකාකාර කුණාටුවලට හසුවී, ගසාගෙන ගොස් තැන තැන රැදුන, නර පණු රැළකි. ඔවුහු අතීත අනාගත කාල තලවල විපරීතව මංමුලාව සරති. ගැටෙති. පොරකති. මියෙති. වැළලුණ රහස්වල පීඩනයට හසුව මිරිකෙති. හුදකලාව ම අහම්බෙන් පැමිණ, කලුවර තැනෙක හිඳගත් එකෙකු, සිය සිත පතුල කැණ ආලෝක පුංජයක් අහුලා, වැළලූ පැටලුමක පොටක් පාදයි. ස්නේහයේත්, මානව දයාවේත් කදුළු, ළතෙත් හදවත් හි තැවරෙයි. නොවෑවෙන ළසෝ සිත් ගල් වී අවසඟව ගොස් ගොළු වෙයි. ඒ මැදින් ගලා යන ජීවිතේ ගංඟාව, නිවෙන සැනහෙන මුව දොරක් කොහිද විමසයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44436445003863,"sku":"204843","price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ITIKUTIYAVINIVIDIMIF1.webp?v=1791631251"},{"product_id":"bb","title":"බී බී | B B","description":"\u003cp\u003e\u003cspan\u003eමෙම ලිවීම යථාර්ථවාදී වියයුතු යයි මගේ කියවන්නිය අදහන නිසා මා පළමුව කළයුත්තේ, ඔහුගේ හැටි සොබාව ප්රබන්ධ ගත කිරීමය. බැලු බැල්මට ඔහුට අවුරුදු 45ක්වත් ඇති. ඔහු කෙසඟය. ඉඳි කට්ටක් වගේ කෙසඟය. සෝමාරි පෙනුමක් සහිතය. මේ ඉඳිකට්ට රිටක් වගේ උස කෙනෙකු නොවේය. ඔහුගේ මිටි සිරුරට මේ කෙසඟ බව කොහෙත්ම යා දෙන්නේ නැත. ඒත් ඉතින් මා කුමක් කරන්නද? ඔහුගේ මුහුණ විස්තර කළ යුතු කිසිවක් නැති, ඩිමයි අටෙන් එකේ හිස් කඩදාසියක් මෙන් හතරැස් ය. එහි කිසිවක් ලියවී නොතිබීමද මගේ වරදක් නොවේ. වෙනසකට ඇත්තේ ඉදිරිපස දත්වලින් එකක් ඉදිරියට පැන තිබීමය. මෙම දත් ඒ මුහුණට එකතු කරන්නෙ අස්ලීල පෙනුමකි. ඔහුගෙ හිස් බැල්ම ඇස් ගෙඩි දෙකෙන් එළියට පැන ඇර දමා තිබූ ජනේලයක්ද පියමන් කර ඉබාගාතේ යයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44436446216279,"sku":"204842","price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BBF1.webp?v=1791632199"},{"product_id":"pudgalikai-rahasigathai","title":"පුද්ගලිකයි රහසිගතයි | Pudgalikai Rahasigathai","description":"\u003cp\u003e\u003cspan\u003eගමේ සෙසු ළමුන් සේ කුඩා ඔවුන් නිරුවත්ව සිටියොත් හෝ නෑ දෑ ගෙයකට තනිව ගියොත් \u003c\/span\u003e\u003cspan\u003eහෝ මව අමන්දාටත් උපේකාටත් තැළුම් දුන්නීය.\u003c\/span\u003e\u003cspan\u003eතාත්තාගේ සරමක් උපේකා දියට ඇඳීමෙන්, කෝප වූ ඔවුනගේ අම්මා, 'මං මේකිගෙ රෙද්ද කඩලා ලෝකෙට ම පෙන්වනව,’ යි ඔයේ සිටි සැමට ඇසෙන සේ කෑ ගසා ඇයට ගුටි ලෑවාය.\u003c\/span\u003e\u003cspan\u003eතම සැමියාගේ ලිංගික ඇල්ම \u003c\/span\u003e\u003cspan\u003eනොරුස්නා ඔවුනගේ \u003c\/span\u003e\u003cspan\u003eමව, තමා යම්දාක  ́ඔය මිනිහ හැබෑ ගින්නෙන් ම ගිනි ලනව, යැයි කියන්නට වන.\u003c\/span\u003e\u003cspan\u003eහැබෑට ම එක් රැයක, \u003c\/span\u003e\u003cspan\u003eඔවුනගේ පියා ගින්නෙන් දැවී මියැදිනි.\u003c\/span\u003e\u003cspan\u003eඅමන්දාත් උපේකාත් තම තැවුල්, රඹුකන් ඔයේ වතුරට කී මුත්, ඊටත් නොකී රහසක් වින.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eළමා වියේ තැතිය හේතුතොට, පළමු රැයේ, මිගාර අබිමුව නිරුවත් විය නො හී නන් ලෙසින් තම සෙළුව වසා ගන්නී අමන්දා අවසන මනාලියක ව පැළැදි පෙති මාලයෙන් තමා වසා ගන්නීය.\u003c\/span\u003e\u003cspan\u003eයසස සොයා කොළඹට යන මිගාරගෙන් අන් ස්ත්රීන් වහනය වහනය වීමත් සමඟ, ඔහු සරාගී කළ තම ශාරීරික සුවඳ දුගද කරගන්නා අමන්දා ඔහුගෙන් ඈත් වෙමින් ඔහුත් දරු දෙදෙනාත් තම සොයුරිය උපේකාට පවරා හුදකලා දිවි පැවැත්මක් සොයා යන්නීය.\u003c\/span\u003e\u003cspan\u003eඅමන්දා තම නැඟනියට ඇති ආදරය, ඒ ගලායන වතුරටවත් නො කී රහස තුළ වේ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sankha Publishers","offers":[{"title":"Default Title","offer_id":44436448215127,"sku":"129420","price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PUDGALIKAIRAHASIGATHAIF1.webp?v=1791631933"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/swarna-pusthaka-2026.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}