{"title":"S \u0026 T Group","description":null,"products":[{"product_id":"or-rama-anawaranaya","title":"රාමා අනාවරණය | Rama Anawaranaya","description":"\u003cp\u003eඅනන්ත අප්රමාණ තාරකා පද්ධති සහිත මුළු මහත් විශ්වයේ ඇති එකම බුද්ධිමත් ජීවියා අප පමණක්ද යන ගැටළුව තවම විසඳී නැතත් මිනිසා ඒ ගැන සෙවීම අත්හැර දමා නැත. \u003c\/p\u003e\n\u003cp\u003eඅනාගතයේ කවදා හෝ අපට වඩා දියුණු තාක්ෂණයක් සහිත ජීවියෙක් හමු වුවහොත් එය අපේ සිතුම් පැතුම් හා ආකල්ප මත ඇති කරන බලපෑම සුළුපටු නොවේ. \u003c\/p\u003e\n\u003cp\u003eඑවැනි ජීවියෙකුගේ සාරධර්ම හා සදාචාරය හා ගැටෙන නොදියුණු මානව කේන්ද්රීය චින්තනයේ අනාගතය විමසුමට ලක් කරන ආමා අනාවරණය සිව් ඈඳුතු රාමා කතා මාලාවේ අවසාන ප්රබන්ධයයි. \u003c\/p\u003e","brand":"S \u0026 T Group","offers":[{"title":"Default Title","offer_id":41803767545943,"sku":"174152","price":1900.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/RamaAnawaranayaF1.png?v=1760438360"},{"product_id":"or-pitasakwala-jeevayak-pawathida","title":"පිටසක්වළ ජීවයක් පවතීද? | Pitasakwala Jeevayak Pawathida?","description":"\u003cp\u003eපිටසක්වළ ජීවයක් පවතීද? කෘතිය සිංහල පාඨකයින්ට කලකින් කියවන්නට ලැබෙන කුතුහලයෙන් අනූන තොරතුරු එකතුවකි.\u003c\/p\u003e\n\u003cp\u003eඑදා මෙදාතුර මිනිසුන් කුතුහලයෙන් මුසපත් කළා වු මාතෘකාවක් ඔස්සේ පාඨකයා අපූරු චාරිකාවක කැඳවාගෙන යාමට මේ කෘතිය තුළින් කතුවරිය සමත් වී සිටියි.\u003c\/p\u003e\n\u003cp\u003eපිටසක්වළ ජීවයක් පවතින්නේද යන තේමාවට පක්ෂ මෙන්ම විපක්ෂ තොරතුරු ද මෙහි ඇතුළත් ව තිබීම විශේෂත්වයකි.ඒ සදහා නිදසුන් හා වාර්තාගත සිදුවීම් රාශියක් මෙහි එයි. පිටසක්වළුන් විසින් අපේ මිනිසුන් පැහැරගෙන යන ලද අවස්ථා පිලිබඳ වාර්තා මීට පක්ෂව ඉදිරිපත් කර ඇති විශේෂ තැනක් ගනියි. පිටස්තර ජීවින් පැමිණිමේ සිද්ධි අළලා කැමරාගත කරනු ලැබ ඇති රූප රාමු ඇතුළත් සංයුක්ත තැටියක් (CD) කෘතිය සමඟ (පළමු සංස්කරණය සමඟ) ලබාගත හැකි වීම සිංහල පාඨකයාට අලුත් අත්දැකීමක් විය. පිටසක්වළ අභ්යාවකාශය පමණක් නොව පෘථිවියේ ජීවය එහි සම්භවය ජීවයේ රසායනික සහ ජීව විද්යාත්මක පදනම වැනි අමතර දැනුම් සම්භාරයක් ද මේ කෘතියෙන් පාඨකයාට ලැබෙයි.ඒ සදහා කලක පටන් ශ්රි ලංකීය තාරකා විද්යා කේෂත්රයේ ක්රියාකාරීව නියැලීමෙන් ලද අත්දැකීම් මෙන්ම ක්ෂුද්රජීව විද්යා ක්ෂේත්රයේ ක්රියාකාරීව නියැළීමෙන් ලද අත්දැකීම් මෙන්ම එක සේ ඉවහල් වන්නට ඇත. පවත්නා දැනුමක් වුව වඩාත් ආකර්ෂණිය මුහුණුවරකින් ඉදිරිපත් කිරිමේ කුසලතාවකින් හෙබි කතුවරිය එකී කුසලතාව නැවත වරක් ප්රදර්ශනය කළ අවස්ථා ලෙස මේ පොත හඳුන්වා දිය හැක.\u003c\/p\u003e\n\u003cp\u003eරාජේන්ද්ර කුලසිංහ\u003c\/p\u003e","brand":"S \u0026 T Group","offers":[{"title":"Default Title","offer_id":41803777998935,"sku":"104234","price":1900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PitasakwalaJiwayakPawathidaF1.png?v=1760438365"},{"product_id":"or-wachana-siyaye-vidya-prabandha-siyayak","title":"වචන සියයේ විද්‍යා ප්‍රබන්ධ සියයක් | Wachana Siyaye Vidya Prabandha Siyayak","description":"\u003cp\u003e\u003cspan\u003eඑය හයිකු කවියක් මෙන් අප වෙත බුද්ධිමය අභියෝගයක ප්රීතිය රැගෙන එයි; කියන දෙයින් නො කියන දේ අඟවමින් කවියක ගැඹුරු බව ද හදවත පිරිමදින ගුණයෙන් කවියක මිහිර ද ගෙන දෙයි; අපරිමිත කාලයක සහ අපරිමිත අවකාශයක තුමුල සිදුවීම් ඉතා සුළු අවකාශයක කැටි කරමින් කෙටිකතා රස සහ නවකතා රස එක්තැන් කරයි; සියක් පද කතා සිංහල පාඨක ඔබ වෙත ගෙන එන්නේ ඒ සියලු සාහිත්යාංගවල ඇසුරයි; ඒ මිහිරයි; රසයයි; බුද්ධිමය අභියෝගයෙන් ලැබෙන අපරිමිත කුල්මත් බවයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eප්රවීණ මෙන්ම නවක විද්යා ප්රබන්ධ ලේඛක ලේඛිකාවන් සමූහයක් විසින් රචනා කළ සියක්පද විද්යා ප්රබන්ධ කතා සියයක් අන්තර්ගතවන මෙම සියක්පද කතා එකතුව ශ්රී ලාංකේය සාහිත්ය ක්ෂේත්රයේ නවමු පරිච්ඡේදයක මූලාරම්භය වනු ඇත.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"S \u0026 T Group","offers":[{"title":"Default Title","offer_id":41808905437271,"sku":"198470","price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Wachana_Siyaye_Vidya_Prabandha_SiyayakF1.png?v=1760438371"},{"product_id":"or-rama-hamuwa","title":"රාමා හමුව | Rama Hamuwa","description":"\u003cp\u003eරාමා - අධික වේගයෙන් සුර්යා වෙත ලං වෙන යෝධ ලෝහමය සිලින්ඩරයකි.\u003c\/p\u003e\n\u003cp\u003eරාමා - මිනිසාට හමුවන ආගන්තුක ශිෂ්ඨාචාරයක පළමුවැනි නිෂ්පාදනයකි.\u003c\/p\u003e\n\u003cp\u003eරාමා - තාක්ෂණ විස්මයන්ගෙන් හා කෘතීම පරිසරයකින් සමන්විත ලෝකයකි.\u003c\/p\u003e\n\u003cp style=\"text-align: center;\"\u003e ..........2131 දී සෞරග්‍රහ මණ්ඩලය දෙසට එන රාමාගේ අරමුණ කුමක්ද?\u003c\/p\u003e\n\u003cp style=\"text-align: center;\"\u003e....ඒ තුල සිටිනුයේ කවුරුන්ද ?... ඔවුන් එන්නේ කුමක් සඳහාද ?\u003c\/p\u003e","brand":"S \u0026 T Group","offers":[{"title":"Default Title","offer_id":41809025007703,"sku":"123792","price":1200.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/RamaHamuwaF1.png?v=1760438376"},{"product_id":"pruthuvi-adhirajyaya","title":"පෘථිවි අධිරාජ්‍යය - Pruthuvi Adhirajyaya","description":"\u003cp\u003e\u003cspan\u003eමේ 2276 වර්ෂයයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eටයිටන්හි වංශවත් පවුලක තෙවැනි පරම්පරාව නියෝජනය කරන ඩන්කන් මැකෙන්සි ඇමෙරිකාවේ 500 වෙනි සංවත්සරය සැමරීම සඳහා පෘථිවිය වෙත පැමිණෙයි.මොහු තම පියා අනාගත ජනාධිපති කොලින්ගේ ක්ලෝනයක් වු අතර කොලින් ටයිටන් හි වර්තමාන ජනාධිපතිවරයා වු මැල්කම් මැකෙන්සි ගේ ක්ලෝනයකි.ටයිටන්ට යෝග්ය වන්නේ මැකෙන්සි පවුලට යෝග්ය දේය යන කියමන යමෙකු පට බැන්දේ මෙම පවුල් පාලනය හෙලා දකිමිනි.ඩන්කන් ගේ චාරිකාව තුළ ඔහුගේ පෞද්ලගික අරමුණු ද නැතිවා නොවේ.\u003c\/p\u003e","brand":"S \u0026 T Group","offers":[{"title":"Default Title","offer_id":41809029103703,"sku":"152218","price":1000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PruthuwiAdhirajyaF1.png?v=1760438382"},{"product_id":"or-rama-uyana","title":"රාමා උයන | Rama Uyana","description":"\u003cp\u003e\u003cspan\u003e2130 වර්ෂයේ සෞරග්රහ මණ්ඩලය තුළට ආ අද්භූත අභ්යවකාශ යානය පෘථිවි විද්යාඥයින් නම් කළේ රාමා යනුවෙනි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඉන් අවුරුදු අසූවකට පසු දෙවැනි රාමා යානය එන විට පෘථිවිය ඒ සඳහා සූදානම්ව සිටියත් සියල්ල අවසන් වූයේ අනපේක්ෂිත ලෙසයි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eදෙවැනි රාමා යානය සෞරග්රහ මණ්ඩලයෙන් නික්ම යන්නේ පිරිමි දෙදෙනෙක් හා ගැහැනියක් ද සමගයි. ඔවුන් තිදෙනා මුහුණ දෙන්නේ කිසිම මනුෂ්යයෙක් මෙතෙක් අත් නොදුටු තත්වයකටයි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමානව කේන්ද්රීය චින්තනය ඉක්මවා යන අපේ සාරධර්ම හා සදාචාරය විශ්වය පුරාම වලංගු ද යන ප්රශ්නය නඟන රාමා උයන, ආතර් සී ක්ලාක්, ජෙන්ට්රි ලී සමග ලියූ විශිෂ්ට විද්යා ප්රබන්ධ කතා මාලාවේ තුන්වැනි කොටසයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"S \u0026 T Group","offers":[{"title":"Default Title","offer_id":41809035001943,"sku":"164670","price":1400.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/RamaUyanaF1.png?v=1760438391"},{"product_id":"2-or-rama-2","title":"රාමා 2 | Rama 2","description":"\u003cp\u003eමිනිස් වර්ගයා ගැන කිසිම තැකීමක් නොකළ පළමු වැනි රාමා යානය සෞරග්රහ මණ්ඩලයෙන් පිටවී යෑමෙන් අවුරුදු හැත්තෑවකට පසුන දෙවැනි රාමා යානයක් පෘථිවිය දෙසට එන බව සොයා ගැනේ.\u003c\/p\u003e\n\u003cp\u003eමිනිසාට වඩා බුද්ධිමත් ජීවින් විශ්වයේ සිටින බව පැහැදිලිව පෙන්වා දෙන දෙවැනි රාමා යානය ගැන පෘථිවියේ විද්යාඥයෝ සහ දාර්ශණිකයෝ විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරද්දී රාමා -2 යානය තුළට යන අභ්යාවකාශගාමීන්ට හමුවන්නේ ඔවුන් කිසිදා අපේක්ෂා නොකළ තාක්ෂණයකි.\u003c\/p\u003e\n\u003cp\u003eඅභ්යාවකාශගාමීන් ගණනාවක් අභිරහස් ලෙස මිය යද්දි කණ්ඩායමේ තිදෙනෙක් නියත මරණයෙ හමුවේ රාමා - 2 රැක ගැනීමේ ව්යායාමයක යෙදේ.\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙත් පෘථිවිය වෙන එන අමුත්තා විනාශ කර දැමීමට තීරණය කිරිමෙන් මිනිස් වර්ගයා තම නොදියුණු ලාමක ස්වාභාවය විශ්වයටම ප්රදර්ශනය කරයි.\u003c\/p\u003e\n\u003cp\u003eමෙය තාක්ෂණය ආදරය බුද්ධිය හා මරණය වැනි සංසිද්ධි ගැන වෙනත් කෝණයකින් බැලීමට අප යොමු කරන විද්යා ප්රබන්ධයකි.\u003c\/p\u003e","brand":"S \u0026 T Group","offers":[{"title":"Default Title","offer_id":41809075011671,"sku":"164656","price":750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Rama2F1.png?v=1760438412"},{"product_id":"or-awasan-siddhanthaya","title":"අවසන් සිධාන්තය | Awasan Siddhanthaya","description":"\u003cp\u003e     කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු වූ රන්ජිත් සුබ්‍රමනියම්ගේ එකම අරමුණ ෆර්මා නම් වූ ගණිතඥයාගේ අවසන් සිද්ධාන්තය ඔප්පු කිරීමයි.ඒ වෙනුවෙන් ඔහු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුගේ අන්තර්ජාල මුරපදය රහසේ භාවිත කරමින් කරුණු සොයයි.අවසානයේදී මුහුදු කොල්ලකරුවකු ලෙසින් සිර දඩුවම් විඳින රංජිත්ට ෆර්මාගේ අවසන් සිධාන්තය ප්‍රත්‍යක්ෂ කිරීමට හැකිවේද ?\u003c\/p\u003e","brand":"S \u0026 T Group","offers":[{"title":"Default Title","offer_id":41809306288215,"sku":"106044","price":1250.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AwasanSiddhanthayaF1.png?v=1760438425"},{"product_id":"or-warnajeewa","title":"වර්ණජීව | Warnajeewa","description":"\u003cp\u003e\u003cspan\u003eආලෝකය සමග ඔබේ දෘශ්ය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපරාසයට පිවිසෙන විශේෂිත බාහිර\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eයමක් ගැන ඔබට සිතාගත හැකිද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑසේම එය ඔබේ ජීවිතය සහ ඔබව\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතම ග්රහණයට ගෙන ඇති බව ඔබ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදන්නවාද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑසේ නම් මේ දිග හැරෙන්නේ ඔබේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඇස සහ සිත නිරන්තරයෙන්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eආකර්ෂණය වන වර්ණ ගැන ඔබ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකිසිදා නොසිතූ නොඇසූ කතාවයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවිද්යා ප්රබන්ධ රචනය දිරිගැන්වීම\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසඳහා S\u0026amp;T Group ආයතනය මඟින්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවාර්ෂිකව සංවිධානය කරන\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eආතර් සී. ක්ලාක් අනුස්මරණ විද්යා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eප්රබන්ධ අත්පිටපත් තරගයේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e2023 වසරේ ජයග්රාහී\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවිද්යා ප්රබන්ධයයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"S \u0026 T Group","offers":[{"title":"Default Title","offer_id":41809385160791,"sku":"198469","price":1600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/WarnajeevaF1.png?v=1760438431"},{"product_id":"or-loka-vinashaya","title":"ලෝක විනාශය | Loka Vinashaya","description":"\u003cp\u003eවිසි දෙවැනි සියවසේ පොළාවේ හදේ හා අගහරු ලෝකයේ විස්මය ජනක ජීවන රටාවත් විශ්නාසනීය විද්යාවත් විශිෂ්ට වෘත්තාන්ත කලාවත් එක් කළ මෙම කෘතියට ආතර් සී.ක්ලාක් ගේ විද්යා ප්රබන්ධ අතර විශේෂ ස්ථානයක් හිමිවේ.\u003c\/p\u003e\n\u003cp\u003eපොළව විනාශ කිරීමට එන - කාලි පයිටය මත පදනම් වව ආගම - ක්රිස්ලාම් ලංකාවේ සිට අඟහරු ලෝකයේ ආවාට සොයාගත් මොල්ස්වර්ත් විද්යාඥයන්ට වඩා වේගයෙන් සිතන -ඩේවිඩ් උපත් පාලනය පිළිබද අදහස වෙනස් කරන වතිකානුව\u003c\/p\u003e\n\u003cp\u003eආදී සිදුවීම් සහ පුද්ගලයන්ගේ අන්තර් ක්රියාකාරකම් මත පදනම් වූ මෙම කෙටි කතාව මුලින්ම 1992 දී පල වූයේ ටයිමිස් සඟරාවෙනිය.මෙය ටයිමිස් සඟරාවේ පළ කළ දෙවැනි ප්රබන්ධය වන අතර පළමු ප්රබන්ධය ලියන ලද්දේ නොබෙල් ත්යාගලාභී ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිටිසීන් විසිනි.\u003c\/p\u003e","brand":"S \u0026 T Group","offers":[{"title":"Default Title","offer_id":41809398857815,"sku":"137365","price":1100.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/LokaVinashayaF1.png?v=1760438444"},{"product_id":"or-chandra-gaweshakayo","title":"චන්ද්‍ර ගවේෂකයෝ | Chandra Gaweshakayo","description":"\u003cp\u003eචන්ද්‍රයාගේ පිපාසිත මුහුද සහ ලගා විය නොහැකි පර්වත තරණය කරන පළමු චන්ද්‍ර සංචාරකයෝ නොසිතු ලෙස අනතුරකට ලක්වෙති.ඔවුන් ගමන්ගන්නා සෙලින් යානය පෘෂ්ඨයේ ගිලි චන්ද්‍ර දුවිල්ලෙන් වැසී යන්නේ චන්ද්‍රයා මත ඇතිවන භූමිකම්පා හේතුවෙනි.\u003c\/p\u003e\n\u003cp\u003eචන්ද්‍රයාගේ ආගන්තුක පරිසරය හේතුවෙන් ඔවුන් බේරාගැනීමට දරන ප්‍රයන්තය අසාර්ථක වෙත්දී සෙලින් මගීන් ජීවිතය සමග පොර බඳී.\u003c\/p\u003e\n\u003cp\u003eමාරක චන්ද්‍ර පරිසරය සහ මරණාසන්න හැගීම් අතර දෝලනය වන මෙම විද්‍යා ප්‍රබන්ධය පාඨකයා තුල මවන්නේ අසිරිමත් චන්ද්‍ර සිතුවමකි.\u003c\/p\u003e","brand":"S \u0026 T Group","offers":[{"title":"Default Title","offer_id":41809552900183,"sku":"108030","price":850.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ChandraGaweshakayoF1.png?v=1760438455"},{"product_id":"or-mihikathe-geethaya","title":"මිහිකතේ ගීතය | Mihikathe Geethaya","description":"\u003cp\u003eනිදි ගන්වන ලද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හා ගහ කොළ සතා සිවුපාවුන්ගේ ජාන බැංකු සහිත මෙගලන් යානය සුර්යා පුපුරා විනාශ වීමට පෙර පොළවෙන් පිටත් වේ.\u003c\/p\u003e\n\u003cp\u003eඅවුරුදු පන්සියයක ගමනින් පසු ඔවුන් තලේසා ලෝකයට ගොඩ බසින්නේ යානයේ නඩත්තු කටයුතු සඳහායි...\u003c\/p\u003e","brand":"S \u0026 T Group","offers":[{"title":"Default Title","offer_id":41809599791191,"sku":"140667","price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MihikatheGeethayaF1.png?v=1760438461"},{"product_id":"2-or-abyawakasha-weera-charika-2","title":"අභ්‍යවකාශ වීර චාරිකාව - 2 | Abyawakasha Weera Charika 2","description":"\u003cp\u003e\u003cspan\u003eමිනිස් වර්ගයාගේ අවසාන ඉලක්කය කරා දැන් ඔබ ගෙන යයි. බ්රහස්පතිගේ චන්ද්රයන් අතරේ පාවෙන ඩිස්කවරි යානය හල් නම් පරිගණකය හා අත්භූත කළු ස්ථම්භය, මින් අවුරුදු 9 කට පෙර තාරකා දොරටුවෙන් අතුරුදහන් වූ ඩේව් බෝමන් , මේ අතරට එන ලියනොප් රුසියානු- ඇමරිකානු යානය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"S \u0026 T Group","offers":[{"title":"Default Title","offer_id":41816103256151,"sku":"104534","price":1400.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AbyawakashaWeeraCharika22010F1.png?v=1760438528"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/s-t-group.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}