{"title":"මනෝරි සිලිකා වික්‍රමආරච්චි | Manori Silika Wikramaarachchi","description":null,"products":[{"product_id":"indigo","title":"ඉන්ඩිගෝ | Indigo","description":"\u003cp\u003e\u003cspan\u003eමම බොහෝ දුර තනිව ඇව්ද ගොස් ඇත්තෙමි. ආපසු හැරෙන්නට නොහැකි තරමට ම පාළුවෙත් තනිකමේත් සර්පයින් මගේ සර්වාංගය ගිල දමා ඇත. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමේ පාළුව සැනසීමක් සේ සිතන්නට මගේ සිරුර දැන් මා විසින් ම ඇණ ගසා ප්‍රදර්ශනයට සවි කොට අවසන් ය... \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eප්‍රේමය යනු කුමක්දැයි මම දැන් සිතමි. කාලය අපට නියම මාර්ගවල පිවිසුම් හැර දී බලා සිටියි. ජීවිතය නැමති රථය මාර්ග සංඥා ඔස්සේ නිවැරදි ව ගෙන යාම වගකීමක් බව දැනගෙන සිටියත් මේ මාර්ගවලදී අප ඕනෑ තරම් රිය අනතුරු වලට මුහුණ දී ඇත. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ ජීවිතය තුළ නියමයන් හෝ නියාමකයින් වූයේ නැත. තිබුණේ අත්දැකීම් තුළින් ඉදිරියට යෑමේ සහ අහිමිවීම්වලත් රිදීම්වලත් බර පමණි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eආපසු හැරී බලද්දී ජිවිතය ඇතුළේ ගත් තීරණ සියල්ල ම වැරදි ගිය බව වැටහෙයි. නමුත් එහෙමයි කියා ඊළඟ තත්පරය මා අත් හැරීය යුතුද නැත. යළි කිසි දිනෙක ජීවිතයට වැරදීම්වලට දැන දැන ඉඩ හදා දිය යුතුද නැත. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔබ කෙසේ කීවත් මම යළි ආලංකාරිකව උපන්නෙමි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමල්බෙරිවලට රැවටී වැඩුණු පටපණුවන් දසදහස් ගණනක් තම ජීවිතය දී සොඳුරු නිර්මාණයක නිර්මාණකයින් වූ දෙස ප්‍රභාත නම් වූ තාත්තා වේදනාව අත් හැර සාමකාමී දෑසකින් බලා සිටින්නා සේ මමද මගේ ජීවිතය දෙස බලා සිටීමි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅම්මා යනු මහා සාගරයෙහි දී මුදුබත් වූ නෞකාවක් පමණි. තාත්තා මදහසක් නගාගත් ප්ලිම්සෝල් රේඛාවයි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමා ඒ විසල් සාගරයෙහි මංමුළා වූ චන්ද්‍ර කිත්තරාවයි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසාගරය, රැළිති නගමින් බිඳිමිත් අම්මාගේ රූපය අඳියි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමුදු කැවසය නිල් පැහැ නොගෙන රතු රුධිරයෙන් වර්ණ ගැන්වෙනු මට පෙනෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Silika Publication","offers":[{"title":"Default Title","offer_id":42038316925015,"sku":"202390","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/IndigoF1.webp?v=1760935518"},{"product_id":"purple-heart","title":"පර්පල් හාට් | Purple Heart","description":"\u003cp\u003e\u003cspan\u003e\" ඒක මිනි මැරුමක් දුව.. ඇයි තාත්තා ඒක පිළිගත්තෙ.ඔයා හිතනවා ද තාත්තා කූඹියෙක්වත් මරන මනුස්සයෙක් කියල\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e අම්මා හඬා වැටෙන්න වූවා ය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eබෝපා හෙමින් පියවර කිහිපයක් ඇවිද යයි. ඒ මුහුණේ ඇත්තේ කවරාකාර පෙනුමක් දැයි බාහිර මුහුණේ ස්වභාවය මැන බලා කියන්නට කිව්වෙක් නගරය තුළ කිසිවෙක් නැත. සන්සුන් ජීවිත ගෙවන මිනිසුන් නොසුව නිර්මිතයන් තුළ පෙළ නොගැසෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e තනිකමේ පාරුවක නැගී, මේ ලෝරන්ස් නදිය දිගේ යන ගමනේ දී හදවතේ සියුම් නිම්නාද අසමින් ඒ කිඳුරු ගීය ගයන්නට ඔහු සිටියා නම් හොඳ නො වෙදැයි මට සිතුණු වාර අනන්ත ය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ශාන්ත ලෝරන්ස් ගංගාවට සහ ඒ අවට ප්රදේශයට විස්මිත දසුන් සපයන මේ ටෙරසය ඩෆරින් ආණ්ඩුකාරවරයාට ගෞරවයෙන් ඉදි කළ එකකි. ඉර එළිය බලන්නට ක්විබෙක් නගරයේ ඇති නිදහස් ම වටපිටාව මෙයයි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනිල් හදිය මතට වැටෙන හිරු එළියේ රන් පැහැයෙන් ආනන්දයටතේ ප්රමෝදයටත් පත් යුවතිය ප්රේමයේ සූර්ය කිරණ ගඟ මතට වැටීමේ දර්ශනයෙන් අමානන්දයට පත් වී සිටියා ය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e තෙත් වු හදවතින් බර සිප ගැනුමක අතරමං වූ කළු, සුදු විවිධ වර්ණිතපෙම්වතුන් සුවලකගේ මිදී ගත නොහී දෙතොල් පත් මුසුව, ගං දිය රැළිති නංවා දඟ පා විසිරුණු ආලිංගනයක් මවන්නට විය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමේ සියලු දේ එකම ඇසකින් ඕ බලා සිටියේ බලාපොරොත්තු දැල් වූ හදවතකිනි. ජීවිතය දෙස දෙනෙත් දල්වා වෙහෙස, මහන්සිය අත් හැර මනෝහරව බලන්නට පුරුදු වූයේ කවදාද යග මතකය ඇයට නැත. මේ මොහොත යනු තම ජීවිතය නම් පාරුව ශාන්ත ලෝරන්ස් ගංගාවෙහි නිදහස් දියෙහි ගැඹුරත මත ඔබ්බවා විනිවිද බලන්නට ඉඩ සදන මොහොතකි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඉතින් !පෙම්වත, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eබෝපා ස්වර්ණමාලා බණ්ඩාර යනු කවුදැයි මේ ගැඹුරු නිල් දියෙන් අසන්නට දැන් මා සුදානම් ය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Silika Publication","offers":[{"title":"Default Title","offer_id":42712641863767,"sku":"204073","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PurpleHeartF1.webp?v=1776668873"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/manori-silika-wikramaarachchi.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}