{"title":"ෆාස්ට් පබ්ලිශින් | Fast Publishing","description":null,"products":[{"product_id":"or-piyen-piyawara-negen-mudunata","title":"පියෙන් පියවර නැගෙන් මුදුනට | Piyen Piyawara Negen Mudunata","description":"\u003ch2\u003eපියෙන් පියවර නැගෙන් මුදුනට - Piyen Piyawara Negen Mudunata\u003c\/h2\u003e\n\u003ch3\u003eBy:\u003cspan style=\"color: rgb(13, 13, 13);\"\u003e\u003cstrong\u003e \u003ca href=\"https:\/\/www.musesbooks.com\/authors\/2016\" style=\"color: rgb(13, 13, 13);\"\u003eදිලීප ජයකොඩි - Dileepa Jayakody\u003c\/a\u003e\u003c\/strong\u003e\u003c\/span\u003e\n\u003c\/h3\u003e\n\u003cdiv class=\"text-justify\"\u003e\n\u003cp\u003eසුප්රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41650487459927,"sku":"157195","price":1100.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PIYEN_PIYAWARA_NEGEN_MUDUNATA_F1.png?v=1760433916"},{"product_id":"or-sanda-pathle-ran-illama","title":"සඳ පත්ලේ රන් ඉල්ලම | Sanda Pathle Ran Illama","description":"\u003cp\u003e           ලොව පුරා ජනප්‍රිය සාහිත්‍යක් වුවද , විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය අප රට තුල ස්වතන්ත්‍ර විකාශනය වන්නේ මන්දගාමී ස්වාභාවයකිනි.එච්.ජී.වේල්ස්ගේ \"හඳට ගිය මුල් මිනිස්සු\" (THE FIRST MEN IN THE MOON) විද්‍යාත්මක පරිකල්පන හා බැඳුනු පුළුල් දේශපාලන දැක්මද , ඒ අරබයා ඔහු තුල වූ විරෝධකල්පනයන්ද , ඉතාමත් තියුණු ලෙස විවරණය කරවන කෘතියකි.\u003c\/p\u003e\n\u003cp\u003e                     මිනිසා සඳ මත පා තැබීමට වසර ගණනාවකට පෙර ලොවෙන් සමුගත් ඔහුගේ මෙම කෘතිය තුල හඬ මත තුනී වායු ගෝලයක් ඇති බවට කල උපකල්පනය හැර සෙසු බොහෝ පරිකල්පනයන් විද්‍යාත්මක සිද්ධාන්ත වලට අනුගතව පැවතීමද,වෙසෙසින් අගය කල යුත්තකි.\u003c\/p\u003e\n\u003cp\u003e                     අභ්‍යවකාශ වීර කාව්‍යක් වැනි විද්‍යා ප්‍රබන්ධ රසය තරමටම,සාහිත්‍යමය ගති ලක්ෂණවලට අනුගතව ලියවුනු වේල්ස්ගේ මෙම කෘතිය පටක සිත්සතන් සුවිසල් පරිකල්පන ශක්තියකින් පුරවයි.\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41684199833687,"sku":"171286","price":400.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SandaPathleRanIllamaF1.png?v=1760435132"},{"product_id":"or-apata-kelaune-ai","title":"අපට කෙළවුණේ ඇයි? | Apata Kelaune Ai?","description":"\u003cp\u003e\u003cspan\u003eමුල සිට අගටත් අග සිට මුලටත් ආරෝහණ අවරෝහණ ක්රමයට ප්රත්යවේක්ෂා කරන විට අපට වෙච්ච දේ ගැන කලකිරීමක්, අසහනයක් ඇතිවෙයි. වසර 70ක් පමණ, නැතිනම් දශක හතක විමසුම් පිරික්සුම් අත්දැකීම් සමාජ සංස්කෘතික, දේශපාලනික, ආර්ථික සන්දර්භය ගැන වැටහෙන නුවණින් ක්රියා කළ ප්රේම් දිසානායක නොකැළැල්, නොවක් සිතුවිල්ලෙන් 'අපට කෙළ වුණේ ඇයි?' යන පොත රචනා කොට ශ්රී ලාංකික පාඨක සමාජයට ඉදිර්පත් කරනුයේ පටු ලාභ අරමුණු - පරමාර්ථ සාධනය කර ගැනීමට නොවෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e‛රස ලෙස කීමට වඩා යස ලෙස කිරීම හොඳලු” Better to act well than to speak sweetly යන්න අපේ පැරැණි කියමනකි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපීඩිත ජනයා වෙනුවෙන් සටන් කිරීම හොඳ මානව භක්තිය ඇති ලේඛකයකුගේ යුතුකමකි. පීඩිත ජනයා රැක ගැනීම සඳහා ආණ්ඩුකාරයන්, නිලධාරීන්, ධනවතුන් ඇතුළු ප්රජා පීඩකයන් නිර්භය ලෙස විවේචනය කළ යුතුය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eප්රේම් දිසානායක නම් සංවේදී, ගුණ නුවණැති පුරවැසියා මේ පොතෙන් සිදු කොට ඇත්තේ එබඳු සමාජ සත්කාරයකි. ප්රජාචාරයකි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“සූර ලේඛකයා අතෙහිදී භාෂාව ඉතා තියුණු අවියක් වෙයි. වියරණය වූ කලී ඒ අවියෙන් හරඹ කොට තමාගේ අභිමතාර්ථය මුදුන් පමුණුවා ගැනීම සඳහා ලේඛකයාට උපකාර වන විධි සමූහයකි. අනිත් හැම විධි, සිරිත්, නීති මෙන් වියරණ රීති ද මනුෂ්යයා තමාගේ වුවමනාවන් අනුව වෙනස් කරයි. ඉවත දමයි. බිඳියි. වියරණය ධාතු කරඬුවක් නොව අප එකිනෙකාගේ වුවමනාවන් අනුව නැමිය යුතු, තැලිය යුතු, බිඳිය යුතු උපකරණයකි.” වසර 75කට පෙර මාර්ටින් වික්රමසිංහ මහ ගත්කතුවරයාණෝ පැවසූහ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒ අනුව මේ පොත කියවා බලා පැත්තකට දැමීමට නොවේ, තමන්ගේ යුතුකම, වගකීම යථාවාදීව තථාකාරීව ක්රියාත්මක කළා දැයි හිතාමතා වැඩ කටයුතු කිරීම සඳහා මේ මොහොත බව දැන ගැනීමටයි. නිදන්නට අවදිවී වැඩ කිරීමටයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003eමහාචාර්ය ප්රණීත් අභයසුන්දර\u003c\/strong\u003e\u003c\/p\u003e","brand":"Susara Publishers","offers":[{"title":"Default Title","offer_id":41777259511895,"sku":"201063","price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ApataKelauneAiF1.png?v=1760438033"},{"product_id":"or-sapeksha","title":"සාපේක්ෂ | Sapeksha","description":"","brand":"Susara Prakashakayo","offers":[{"title":"Default Title","offer_id":41809407279191,"sku":"168581","price":325.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SapekshaF1.png?v=1760438449"},{"product_id":"gajaga","title":"ගජගා | Gajaga","description":"\u003cp\u003eඋඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද\"\u003cbr\u003e\" ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ. \"\u003cbr\u003e\"උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද? \"\u003cbr\u003e\" ගෑනියෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ පිරිමියෙක් නෙවෙයි බං...හොඳ හයිය හිතක්... ඔය හුඟක් ගෑනු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ මිනිස්සු හින්දා නෙවෙයි... උන්ගෙ හිත් හයිය හින්දා... මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්... මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක ජීවිතේ ගොඩ දාගන්න.\"\u003cbr\u003e\"ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා පුරුදු වෙච්චි ගෑනියෙකුට තනියම ජීවත් වෙන එක ටිකක් අමාරුයි.*\u003cbr\u003e\"මම ආය කසාදයක් බඳින්නෙ නෑ.\"\u003cbr\u003e\"කවුද බං කසාද මඟුලක් ගැන කිව්වේ.\"\u003cbr\u003e\"එහෙනං.?\"\u003cbr\u003e\"උඹ ඒක හිතා ගනින්.\"\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44030207590487,"sku":"203752","price":1400.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/GajagaF1.webp?v=1784024001"},{"product_id":"galu-muwadora-warna-viplawaya","title":"ගාලූ මුවදොර වර්ණ විප්ලවය | Galu Muwadora Warna Viplawaya","description":"\u003cp\u003e2022 මාර්තු සිට ජූලි දක්වා ගාලු මුවදොර පැවැති 'අරගලය' ශ්‍රී ලංකාවේ ස්ථාපිත දේශපාලන වියුව්හයට මහත් බලපෑමක් හා අභියෝගයක් කළ සංසිද්ධියකි. ගාලු මුවදොර සංදර්ශනාත්මක සිදුවීම් පමණක් ආවරණය කරන ඇතැමෙක් එය ඉතා සුන්දර, සාමකාමී, නිර්දේශපාලනික සිදුවීමක් ලෙස හුවා දක්වති. ප්‍රචණ්ඩත්වයෙන් හා බලහත්කාරයෙන් සලකුණු වූ 'අරගලය' විසින් ඡන්දයෙන් තෝරාගත් ජනාධිපති පලවා හැරීම හා ඒ පිටුපස විදේශ රාජ්යයන්ගේ මැදිහත්වීම යටපත් කොට ඇත. වය සැබෑ ලෙසම වචක ජනාධිපතිට හා ඔහුගේ පවුලට එරෙහි විරෝධතා ව්යාපාරයක ස්වරූපයෙන් මෙරට සිංහල - බෞද්ධ බහුතරයේ පාලනයට විරුද්ධව ක්රියාත්මක වූ දේශපාලනයකි.\u003cbr\u003e'අරගලය' නමින් හඳුන්වන ලද ව්යාපාරය විෂයය කොට මොහාන් සමරනායක විසින් රචනා කරන ලද 'ගාලු මුවදොර වර්ණ විප්ලවය හෙවත් රෙජිම් චේන්ජ් ව්යාපෘතිය 2022' නමැති කෘතිය රෙජිම් වේන්ජ් මෙහෙයුම් ඉතිහාසය, ගාලු මුවදොර 'අරගලයේ' පසුබිම, භූ දේශපාලන හා ආර්ථික සාධක, ජනමාධ්ය චර්යාව, ආරක්ෂක හමුදා ක්රියා කලාපය, දේශපාලන හා ආර්ථික ප්රතිවිපාක ආදී පැතිකඩ විමර්ශනය කරයි.\u003cbr\u003eපේරාදෙණිය විශ්ව විද්යාලයේ ආර්ථික විද්යා උපාධිධාරියෙකු වන මොහාන් සමරනායක මුද්රිත හා විද්යුත් මාධ්ය ක්ෂේත්රයේ දශක හතරකට වැඩි පරිචයක් ඇති මාධ්යවේදියකු හා පොදු බුද්ධිමතකු වෙයි. ඔහු ස්වාධීන මාධ්යකරණය හා දැනුවත් මහජන සංවාදය වර්ධනය කිරීමට මහඟු දායකත්වයක් ලබා දී ඇත. සම්මත හා මධ්යස්ථ දේශපාලන විශ්ලේෂණය, පාලනය පිළිබඳ ගැඹුරු අදහස් පළ කිරීම හා නිවැරැදි වාර්තාකරණය අතින් ඔහු විශේෂයෙන් ප්රසිද්ධියට පත්ව සිටී.\u003cbr\u003eමොහාන් සමරනායක තම කෘතිය රචනා කිරීමේ දී ජාතික හා ජාත්යන්තර දේශපාලනය පිළිබඳ දැනුම හා අවබෝධය සහ දේශීය මාධ්ය ක්ෂේත්රයේ හා අන්තර්ජාතික සංවිධානයක මාධ්ය ප්රකාශකයකු ලෙස ලැබූ අත්දැකීම් මැනවින් භාවිත කර ඇත. මෙම කෘතිය ජාතිමාමක පුරවැසියනට, ජාතික හා ජාත්යන්තර දේශපාලනය අධ්යයනය කරන්නන්ට හා සාමාන්ය පාඨකයාට ද අතිශයින් ප්රයෝජනවත්ය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44030217420887,"sku":"205222","price":2000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/GaluMuwadoraWarnaViplawayaF1.webp?v=1784025122"},{"product_id":"kantharaye-daruwo","title":"කාන්තරයේ දරුවෝ | Kantharaye Daruwo","description":"\u003cp\u003eකාන්තාරයේ දරුවෝ කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්යවේදිනී කොරින්නා සමඟ එක්ව ස්ත්රි චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.\u003cbr\u003eඅප්රිකානු කාන්තාවෝ ඔවුන්ගේ චාරිත්රයකට අනුව  ස්ත්‍රි චර්මඡේදනය නමැති විව්‍යසනයට ගොදුරු වෙති.යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්රිය අලංකාර කරගැනීම සඳහා චර්මඡේදනය කරවා ගනිති. අප්රිකානුවන් පසුගාමී මිලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතීම රූපලාවන්ය සායනයන් වෙත ගොස් නීත්යානුකූලව චර්ම ඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී චර්ම ඡේදනය ගැන සොයා බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් නම් ස්ත්‍රී ලිංගේන්ද්රයේ පෙනුම සම්බන්ධව ඔවුන් තුළ කිසියම් පරමාදර්ශයක් නැතිනම් කල්පිතයක් තිබෙන බවයි. ස්ත්‍රි චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරුෂ පක්ෂයේ අවශ්යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේද? යුරෝපය තුළ ද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්රිය ක්රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැති නම් ස්ත්රී ලිංගේන්ද්රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘතීම රූපලාවන්ය සඳහා වෛද්ය සායන පවතින්නේ කෙසේද?\u003cbr\u003eෂල්මන් රණ්ඩි නමැති ශ්රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. \" ඔබ පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැක ගැනීමට නොහැකිවනු ඇත\u003cbr\u003eපින්තූරයෙන් එළියට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44030222237783,"sku":"104203","price":700.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KantharayeDaruwoF1.webp?v=1784026102"},{"product_id":"nithya-sathya-budhdha-bashitha","title":"නිත්‍ය සත්‍ය බුද්ධ භාෂිත | Nithya Sathya Budhdha Bashitha","description":"\u003cp\u003eබුදු දහමින් අපේක්ෂා කරන ප්‍රධානතම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා දමනය කරගත යුතු, හික්මවා ගත යුතු, ඉන්ද්‍රිය වන්නේ සිතය. පුද්ගලයාක්‍රියාත්මක  වන්නේ ඔහුගේ සිත අනුවය. පුද්ගල ශරීරය සිත හා කය යන ප්‍රධාන  අංග දෙකකින් යුක්ත වෙයි. කය සියලුම කටයුතු සිදු කරන්නේ ඊට සම්බන්ධව ඇති සිත අනුවය. කයෙන් සිත නිරුද්ධ වූ පසු කය නිහඬය. එසේම අකර්මන්යය ය. සිත වෙන් වූ කයට සිදු කළ හැකි කිසිදු කටයුත්තක් නැත. එබැවින් පුද්ගලයා සතු  ප්ර‍රධානතම ඉන්ද්රිය වශයෙන් සැලකිය හැක්කේ සිතය. නැතහොත් චිත්තය ය\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44030253072471,"sku":null,"price":1000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Nithya_Sathya_Budhdha_Bashitha_F1.webp?v=1784106006"},{"product_id":"barathiiya-upadesha-katha","title":"භාරතීය උපදේශ කතා | Barathiiya Upadesha Katha","description":"\u003cp\u003e\u003cspan\u003eභාරතීය කථා සම්ප්රධාය මානව ශිෂ්ටාචාරයේ දුර්ලභ ධන නිධාන අතර ඇති මහාර්ඝ වස්තුවකි. එය සියවස් ගණනාවක සිට සදාචාර අධයාපනය, ව්යවහාර, බුද්ධිය, ජීවිත දර්ශනය යනාදි දේ සරල, රුචිකර හා මතකයේ රැඳෙන ආකාරයෙන් පරම්පරා ගණනාවක් තිස්සේ රැගෙන වමින් පවතියි. පංචතන්ත්රය, හිතෝපදේශය, කථා සරිත් සාගරය හා ජාතක කථා හුදු කථා සංග්රහ පමණක් නොවේ. ඒවා ජීවිතය තේරුම් ගන්නා, සමාජයේ සමබර හැසිරීම් විකාසයට පත් කරන, එමෙන්ම යහපත් මඟ පෙන්වීම් කරන සම්ප්රධායන් ලෙස තේරුම් ගත යුතුය. මේ වැදගත් කර්තව්යය ඉදිරිපත් කිරීමේ ලා කෘතහස්ත ලේඛක ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ගේ දායකත්වය අතිශය ප්රශංසනීය බව ප්රකාශ කළ යුතුය. එතුමා මේ කථාන්තර සරල සිංහල බසින් ඉදිරිපත් කිරීම මඟින් පැහැදිලිවම භාරතීය උපදේශ කථා උරුමය ශ්රී ලංකාවේ දරු-දැරියන්ට සමීප කිරීමට ගත් අප්රමාණ උත්සාහය අතිශයින් කැපී පෙනෙයි. මේතුමාගේ මේ ප්රයත්නය අධ්යාපනික වශයෙන් මෙන්ම භාරත - ශ්රී ලංකා සංස්කෘතික සබඳතා වලට ද, එ මෙන්ම සදාචාරය පිළිබඳ අදහස් හුවමාරුවලටද ඉමහත් වටිනාකමක් ලබා දෙයි. ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතාණන්ගේ මෙම අර්ථාන්විත, දූරදර්ශී කර්තව්යයට මම මගේ අත්යන්ත ගෞරවය පුද කිරීමට කැමැත්තෙමි\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44030258315351,"sku":null,"price":1000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Barathiiya_Upadesha_Katha_F1.webp?v=1784106006"},{"product_id":"punchi-soldadhuwa","title":"පුංචි සොල්දාදුවා | Punchi Soldadhuwa","description":"\u003cp\u003eඅල්යොෂා ආරම්භ කළ කතාව නොනවත්වාම කීවේය. කතාව අවසානයේදී එකිනෙකා අතර නොයෙකුත් අදහස් හා වාද විවාද හුවමාරු විණි. අයෙකු පැවසුවේ තම පුතුට වෙඩි තැබීම සම්බන්ධයෙන් තරාස් වැරදිකරුවෙකු බවය. පෝලන්ත ගැහැනු ළමයෙකු හේතු කොටගෙන ඔහු අදූරදර්ශී ලෙස තීරණ ගෙන ඇති බවය. ඒ මදිවාට ඇන්ඩ්රි යනු බේබද්දෙක් හා සමාන පුත්රයෙකි. තවත් සමහරෙකු පැවසුවේ පියා කළේ නිවැරැදි දෙයක් බවකි. තම පුත්රයා තමාගේ වර්ගයා සමග සටන් වැදෙන්නේ නම් පියා එවැනි තීරණයක් ගැනීම සාධාරණ වගකි. තවත් අය කියා සිටියේ ඇඩ්රේට ඔහු තදින් දඬුවම් කළ යුතු නමුත් මරා නොදැමිය යුතු බවය. එම පිරිමි ළමයා පුනරුත්ථාපනය කළ හැකි නොවේද?\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44030262280279,"sku":"205218","price":900.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Punchi_Soldadhuwa_F1.webp?v=1784106006"},{"product_id":"godfather","title":"ගෝඩ්ෆාදර් | Godfather","description":"\u003cp\u003e\u003cbr\u003eමං කැමති නෑ ලේ හලන්න. මං බිස්නස්කාරයෙක්, ලේ කියන්නෙ සල්ලි               \u003c\/p\u003e\n\u003cp\u003eදුෂ්ටයෙක්ද? කප්පම්කරුවෙක්ද? වංචනිකයෙක්ද? මිනිමරුවෙක්ද?\u003cbr\u003eමුළුමහත් අමෙරිකානු සමාජයටම අසීමිත බලපෑමක් කළ නීතිගරුක සාධාරණ පුද්ගලයෙක්ද?                         නොහික්මුණු ආවේගයකින් ගලා යමින් උපරිම ආශ්වාදයක් ලබා දෙන අමෙරිකානු මාෆියාවේ ලෙයින් වැකුණ කතා පුවත\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44030264934487,"sku":"158197","price":1750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Godfather_B1.webp?v=1784106006"},{"product_id":"baratheeya-janakatha-100","title":"භාරතිය ජනකතා 100 | Baratheeya Janakatha 100","description":"\u003cp\u003eභාරතීය ජනකතා සියයක් කළේ එළි දැක්වෙන මෙම කතා සංග්‍රහය ශ්‍රී ලංකාවේ හින්දි බස පිළිබඳ ජ්යෙෂ්ඨතම විද්වතා වශයෙන් සැලකෙන කැලණිය විශ්වවිද්යාලයේ  හින්දි අධ්යයනාංශයේ වි ජේෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ විසින් පරිවර්තනය කොට ඇත. ඔහුගේ හින්දි විෂය පිළිබඳ ආචාර්ය උපාදිය  ඉන්සදියාවේ  ජවහර්මලාල්  නෙහ්රූ විශ්වවිද්‍යාලයේදී සම්කිපුර්රීණ කිරිමට හැකි වීමෙන් හින්දි භාෂාව හා සාහිත්යය පිළිබඳව වඩාත් ගැඹුරින් අධ්යයනය කිරීමේ අවස්ථාව ඔහුට ලැබී ඇත. එමෙන්ම    ශ්‍රී ලංකාවේ  හින්දි බස ප්රචාරය කිරීමෙහි ලා දශක තුනකට අධික  කාලයක් තිස්සේ ඔහු විශේෂ දායකත්වයක් ලබා දී ඇත. මෙවැනි ජනකනා සියයක් සිංහල බසට පරිවර්තනය කිරීම ඔහුගේ දර්ශන ශාස්ත්රීය හා සංස්කෘතික අත්දැකීම්වල ප්රමාණිකත්වයට සාක්ෂිය්කි.\u003c\/p\u003e\n\u003cp\u003e මහාචාර්ය හේවාවිතානගමගේ විසින් සිදු කරන ලද මේ පරිවර්තන කාර්යයේ  මට්ට හුදූ භාෂා  කුසලතාවයක්ම මතම පදනම වී  නැති  අතර , ඒවා භාවාත්මක වශයෙන් හා සංස්කෘතික සන්දර්භයේදීද ඉහළ තලයක පවතින බව පෙනී යයි. මේ ජනකතා වලින් භාරතය සහ  ශ්‍රී ලංකාව අතර පවතින සංස්කෘති සේතුවට තවත් බාරසාර බවක් එකතු වෙනු නිසැකය. මෙම ජනකතා සංග්රහය සිංහල පාඨකයන්ට  මනෝරංජනයක් පමණක් ලබා නොදෙන්නක් වන අතර, භාරතයේ විවිධ විචිත්‍ර සංස්කෘති සහ ජන විඥානය පිළිබඳවත් ගැබුරු  අවබෝධයක්වි ලබා දෙනු ඇතයි විශ්වාස කරමි. එමෙන්ම සද් කාර්යය භාෂා පරිවර්තනය, අන්තර් සංස්කෘතික සංවාදය මෙන්ම ශාස්ත්රීය පර්යේණ් යන ක්ෂේත්‍රවල පාඨකයන්ට සහ පර්යේෂකයන්ටද මහගු අවස්ථා රැසක් උදා කර දෙන විශිෂ්ට කාර්යයක් බවට පත් ඔහු නොඅනුමානය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032124158039,"sku":"205223","price":2000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Baratheeya_Janakatha_100_F1.webp?v=1784106006"},{"product_id":"sen-bodu-katha","title":"සෙන් බොදු කතා | Sen Bodu Katha","description":"\u003cp\u003eපරිණත ලේඛකයකු වූ පර්සි ජයමාන්න තම මාධ්ය වූ පුවත්පත් කලාවෙන්, කර්තෘත්වයෙන් එදා මෙදා තුර ගිණිය නොහෙන පිරිසකට අතහිත දුන්නේය.' නස්රුදීන් සහ සුෆි'  උපමා කතාවන්ගෙන් අපට අර්ථවත් රසයක් දායාද කළ මේ ලේඛකයා සෙන් දහම සම්බන්ධ සුනිශිත කතා පෙළකින් පාඨකයාට අනර්ඝ සංග්රහයක් කරයි. ධාන්‍ය නම් වූ අර්ථ විශද කරන සේන් කතා ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසීම සැහැල්ලුව හා ඤාණ මාර්ගය විවෘත කර ඇත. විවෘත මනසකින් මේ කතා කියවා රස විඳින කල්හි පාඨකයාගේ ගුණ නැණ අවදි වෙයි. සිත කය වදන යන තුන්දොර සංවර වෙයි. ශික්ෂිතපුද්ගලයා තමන්ටත් ලෝකයටත් මහඟු ආයාදයකි. සරලව සිංහල බසට නඟා ඇති මේ සෙන් බොදු කතා දැඩි රුචියෙන් කියවා බලා එහි රසරුත් උකහා ගත හැකිය. මේ මනරම් කතා කියවන පාඨකයාට ලැබෙන ප්රයෝජන  අපමණය.                        මෙබඳු වටිනා ගතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පර්සි ජයමාන්නයන්ට සැමගේ ප්‍රශසන්ශාව හා ගෞරවය හිමිවිය යුතුය.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eආචාර්ය ප්රණීත් අභයසුන්දර\u003cbr\u003eසමාජ විද්යා හා මානව විද්යා අධ්යයනාංශය ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032181403735,"sku":"104487","price":750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Sen_Bodu_Katha_F1.webp?v=1784106006"},{"product_id":"maa-aa-mawatha","title":"මා ආ මාවත | Maa Aa Mawatha","description":"\u003cp\u003eමානව ක්රියාකාරීත්වය සඳහා ජීවත් වන පරිසරය ප්‍රබල බලපෑමක් සිදුකරයි. එය ලෝක ස්වභාවයයි . මෙයට පසුබිම්ව වන ග්‍රාමයේ ස්වභාවය හා එයට අනුගත ව ජීවත් වන මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ලේඛකයා කරන විවරණය සාහිත්ය නිර්මාණයත සීමාවන් අනිත්රහය කරමින් සමාජ විද්යාව, මානව විද්යාව, ජනශ්රැති, ග්‍රාමීය ජනතාවගේ පාරම්පරික දැනුම හා හැකියාවන් ආදිය පිළිබඳ ව ද පාඨන අවධානය යොමු කරලීමට මග පාදයි.\u003cbr\u003eවාර්ගික අර්බුදයට පෙර අත්දැකීම මෙම කෘතිය මගින් පාඨකයාට කියවීමට ලැබෙන්නේ එම අර්බුදයෙන් පසුකාලීන යුගයක ය. එම නිසා පාඨකයා කල ගැනීමට ලැබෙන අත්දැකීම් ඉතා ප්‍රබලය. ශ්‍රී ලාංකීක දූපතේ පවතින බහු සංස්කෘතික සමාජයේ තත්ත්වය හා වර්ධනය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගැනීමට නවකතාවේ ඇතළත් සංවාද මනා පිටිවහලක් ලබා දෙයි.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032203685975,"sku":"205224","price":1200.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Maa_Aa_Mawatha_F1.webp?v=1784106006"},{"product_id":"mage-adara-pabagala","title":"මගේ ආදර පබගාල | Mage Adara Pabagala","description":"\u003cp\u003eකොල්ලට 33 යි. කෙල්ලට 21                                                                                                          කොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන් කෙල්ල ෂෙයාර් මාකට් වැඩකාරී                                              කොල්ලා පන්ජාබ් කෙල්ල ජෛන                                                                                               කොල්ලා දික්කසාදයි. කෙල්ල මල් කැකුලක්!!                                                                            පරස්පර ගොඩයි.එකම පබ ගාලක්                                                                                        කොල්ලගෙ කෙසේ වෙතත් කෙල්ලගෙ ගෙදරින් නම් නෑ කිසි බුරුලක්                                                 ඒත් ඒ දෙන්නගෙ ආදරේ ! ඒක පරද්දන්න ඔය පරස්පර හුටප්පරවලට පුළුවන් වෙයිද?                        අවුරුද්දක්. දෙකක්.. තුනක් නෑ. අවුරුදුම දොළහක් ගියාට පස්සෙත් ඒ ආදරේ... හිඳිලා ගියාද? තවත් වැඩිවුණාද? වැඩිවෙලා බැන්දද? හිඳිල ගිහිං වෙන්වුණාද?                                                                   පොත දැන් අතේනෙ?                                                                                                                   කියවලම බලන්නකො\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032219643991,"sku":"205221","price":2000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Mage_Adara_Pabagala_B1.webp?v=1784106006"},{"product_id":"anna","title":"ඇනා | Anna","description":"\u003cp\u003e ශ්රම කදවුරේ හිටිය හිරකාරයන්ට මොකද වුණේ?\" පසුබාමින් මෙන් ඇතා කැප්ටත් රොබටීස්ගෙන් විමසා සිටියා ය. ජෝර්ජ් පිළිබඳ ඇගේ සිත අවිනිශ්චිත බවකින් පිරී තිබුණේ, එදා ආච්චි අම්මාගේ ගෙදර ජනේලයෙන් බලන විට සිරකරුවන් තිදෙනෙකුගේ මළ සිරුරු දුටු බැවිනි.\u003cbr\u003e\"අර ගමෙන් ටිකක් එහාට වෙන්න තිබුණු අපාය ද? අනේ අසරණ යක්කු ටික. අපි කඳවුර යටත් කර ගනිද්දී සමහර අය වෙඩිකාලා මැරුණා. උත් පිස්සු හැදිච්ච රැළක් වගේ දුවන්න පටන් ගත්තා. කොල්ල කෑවා. මිනී මැරුවා. දූෂණ කරන්න පටන් ගත්තා.\" කැප්ටන් රොබරිස් පැවසුවේය.\u003cbr\u003e\"ඒත් කවුද එයාලට වෙඩි තිබ්බේ?\" ඇතා විමසුවා ය. අපියි ඒක කළේ.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032329515095,"sku":"104233","price":750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AnnaF1.webp?v=1784094495"},{"product_id":"nogan-girihisa-nethin-iwathata","title":"නොගන් ගිරිහිස  නෙතින් ඉවතට | Nogan Girihisa Nethin Iwathata","description":"\u003cp\u003eමිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලධාරීන්, ප්රධාන පෙළේ ව්යවසායකයින්, ජනප්රිය ගායකයින් මෙන්ම පන්සියයකට අධික සමාගම් අතර ප්රචලිත ග්න්ථරයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග්රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල්වනු ඇත.\u003cbr\u003eරොබින් ෂර්මා ලෝකයේ සිටින අග්රගන්ය නායකත්ව විශේෂඥයින්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීර්තිමත් ආයතනවලට සේවා උපක්රම සහ ධනාත්මක ක්රමවේදයන් පිළිබඳව උපදෙස් දෙමින් සහය වන්නෙකි. ඔහුගේ කෘති භාෂා 70 කට වැඩියෙන් පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් මිලියන ගණනක් විකිණී ඇත. ජනප්රිය රොක් ගායකයින්, රාජකීයයන්, ව්යවසායකයින් අතර ඔහු ඉතාමත් ජනප්රියය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032356909143,"sku":"148023","price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NoganGirihisaNethinIwathataB1.webp?v=1784096458"},{"product_id":"swamiya-saha-sewakaya","title":"ස්වාමියා සහ සේවකයා | Swamiya Saha Sewakaya","description":"\u003cp\u003e* මේක පුදුම නිදහසක්, මුළු මහත් ආත්මයම විවර වූවා වැනි හැඟීමක් \" තවත් මිනිසෙකු ජීවත් කරවීමට ලැබීමේ සුන්දර හැඟීමෙන් ඔහුගේ ආත්මය පිරි ගොස් තිබුණේ මොහොතක්වත් එයින් මිදීමට ඔහුට සිත් නොදිණි. ඔහු තුළ තිබූ බිය සංත්‍රාසය හිරු එළිය වැටී මිදෙන හිම මෙන් දියවී ගොස් තිබුණි.\u003cbr\u003eස්වාමියා සහ සේවකයා\u003cbr\u003eලියෝ තොත්තෝයි\u003cbr\u003e* නැහැ. මට කිසිම බඩගින්නක් නැහැ. බොහෝ දුරට මම ආයෙ කවදාවත් කෑම ගන්නේ නැති වෙයි. ඒක හරිම ස්වභාවික කාරණයක්. මම කිඹුලගේ බඩ පුරවන නිසා ඌට කිසිම කුසගින්නක් දැනෙන්නේ නැහැ. ඌට තවත් අවුරුදු ගණනාවකට ආහාර ගන්න අවශ්ය වෙන එකක් නැහැ. ඒ වගේම මම උගේ ඇතුළේ ඉන්න නිසා මට අවශ්ය පෝෂණය උගෙන් ලැබෙනවා. අපි අන්යෝන්ය වශයෙන් ඒ විදියට එකිනෙකා පෝෂණය කර ගන්නව.\u003cbr\u003eකිඹුලා\u003cbr\u003eපියදෝර් දොස්තොව්ස්කි\u003cbr\u003eඉවානිච් තටු විහිදා පියඹා ගොස් ඊරියගේ පිට මතට නැග්ගාය. ඔහු පියාපත් හා බෙල්ල සමබර කර පිට මත ස්ථාවර වූ විට ගියදෝර් ටිමොෆීවිච් සෙමින් සහ අලසව ඊරිය අසලට ගියේය. ඔහු ඊරියගේ පිට මතට නැගීමෙන් පසුව ඉතාමත් සෙමෙන් හා වැඩි උනන්දුවක් නොමැති පාත්තයාගේ කර මතට නැග, ඉදිරි දෙපා ඉහළට ඔසවා පසු දෙපා වලින් පමණක් සිටගත්තේය. මෙම සම්පූර්ණ ජවනිකාව ආගන්තුකයා හැඳින්වූයේ \"ඊජිප්තු පිරමීඩය ' ලෙසිනි.\u003cbr\u003eඅන්තොන් වෙකෝෆ්\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032359039063,"sku":"205212","price":900.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SwamiyaSahaSewakayB1.webp?v=1784097038"},{"product_id":"bidunu-bilinda","title":"බිදුණු බිළින්දා | Bidunu Bilinda","description":"\u003cp\u003eඔබ විශ්වාස කරන්න. අකැමැති වුවත් විශ්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පා කරවන අනුවේදනීය අමිහිරි සත්ය කතාවයි මේ.\u003cbr\u003eමේ ඇගේ කතාවයි. අට හැවිරිදි ජෝඩ් බ්රවුන්ගේ කතාවයි.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032360775767,"sku":"104178","price":1100.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BidunuBilindaF1.webp?v=1784097601"},{"product_id":"oheth-ehemada-meheth-ehemai","title":"ඔහෙත් එහෙමද ? මෙහෙත් එහෙමයි | Oheth Ehemada Meheth Ehemai","description":"\u003cp\u003eඇයි අපේ ශිෂ්යයින් නිතරම වාගෙ සියදිවි නසාගන්නෙ?\u003cbr\u003eඇයි ඉන්දියාව මේ තරම්ම දූෂණයෙන් පිරිලා ඉතිරිලා තියෙන්නෙ?\u003cbr\u003eඇයි අපේ දේශපාලන පක්ෂවලට බැරි එකමුතුවෙලා වැඩ කරන්න?\u003cbr\u003eඅපේ ඡන්දෙන් කිසිම දේක වෙනසක් වෙලා තියෙනවද?\u003cbr\u003eඅපි ඉන්දියාවට ආදරෙයි...\u003cbr\u003eඒත් මොකක් හරි වෙනසක් වෙන්න ඕනෙ නැද්ද?\u003cbr\u003eචේතන් බගත්\u003cbr\u003eඅඩේ අප්පා....\u003cbr\u003eඔහෙත් මෙහෙමද?\u003cbr\u003eමෙහෙත් එහෙමයිනෙ !\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032369950807,"sku":"157182","price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/OhethEhemadaMehethEhemaiF1.webp?v=1784098406"},{"product_id":"feminism-as-a-theory-of-literary-criticism","title":"Feminism as a Theory of Literary Criticism","description":"\u003cp\u003eThis study looking at Feminisms as a theory of literary criticism examines in detail the work of two authors-Jane Austen and Piyadasa Sirisena. The fact that they belong to two different cultures brings interesting facts into focus in the treatment of women. The author's contention is that, the woman in Sri Lanka enjoys a significant position in the society and culture. Jane Austen is unusual or unorthodox in her treatment of women-it is rarely that women occupy positions of significance for themselves in English literature, they are generally subjugated to the role played by the male- Jane Austen makes her female characters bring about change. The author points out that Piyadasa Sirisena's female characters are the levers of change, for him the culture, the society, the country are dependent on the woman. In fact, the author pleads for a re-reading of Piyadasa Sirisena in the context of woman in the Sinhala society.\u003cbr\u003eThe author Chandra Amarasekera has read English, Sinhala and Western History for her first degree (Peradeniya), and followed it up with a MPhil in Education (Lond), an MA in Applied Linguistics (Reading) and a Ph.D. (Sri Jayewardenepura). The work is based on the PhD thesis. She worked as the National Coordinator for English for the Ministry of Education and was last on the staff of the University of Sabaragamuwa, as Senior lecturer. She had been the Dean of the Faculty of Social Sciences and Languages.\u003cbr\u003eShe has served as a member of the State Literary Advisory Board for quite some time, and been a member of the Syllabus committees (English) of the Ministry of Education. At present she works as a part time Consultant to the National Institute of Education.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032371687511,"sku":"205213","price":1400.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/FeminismasaTheoryofLiteraryCriticismB1.webp?v=1784098857"},{"product_id":"wiiisuru-diviye-rasakatha","title":"විනිසුරු දිවියේ රසකතා | WIiisuru Diviye Rasakatha","description":"","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032372605015,"sku":"201064","price":850.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/WIiisuruDiviyeRasakathaF1.webp?v=1784099309"},{"product_id":"bringing-tony-home","title":"Bringing  Tony Home","description":"\u003cp\u003eOf this Book...................\u003cbr\u003e\"We hold onto favourite books for reasons that are not universal. Each word and sentence in this one carried me into arms I'd been in before. No other book brings me as close to my lost self.\u003cbr\u003eIt is a lost classic for me, too, because of the book's quick fate. Published in Sri Lanka by a small press, it has so far not been published anywhere else. It was a story written far from the publish-ing centres of the west and there it remains. Still lost to the rest of the world\".\u003cbr\u003eMichael Ondaatje\u003cbr\u003eBRICK Literary Journal\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":44032385679447,"sku":"146959","price":500.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BringingTonyHomeF1.webp?v=1784100395"},{"product_id":"sandhaya-saha-vindhya","title":"සන්ධ්‍යා සහ වින්ද්‍යා | Sandhaya Saha Vindhya","description":"\u003cp\u003eසොයිමන් නවගත්තේගමයන් ගේ නොපළ කෘතියක් වූ සන්ධ්යා සහ වින්ධ්යා නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු පිළිබඳ වෙනස් මඟක් ගත් නව ආරක නවකතාවකි.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032389316695,"sku":"136751","price":1500.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SandhayaSahaVindhyaF1.webp?v=1784101077"},{"product_id":"prema-sadawo-2","title":"ප්‍රේම සැදෑවෝ 2  | Prema Sadawo 2","description":"\u003cp\u003eභාෂා 12 කට පරිවර්තනය වී පිටපත් දස ලක්ෂ ගණනින් අලෙවි වාර්තා තැබූ; මෑතභාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට තුඩු දුන්; Fifty Shades of Grey නමැති කෘතියට පාදක වූ කෝටිපති ව්යාපාරිකයකු හා විශ්වවිද්යාල ශිෂ්යාවකගේ උන්මාදනීය භාවාත්මක ආදරයේ සහ අනුරාගයේ නිර්ව්යාජ ප්රේමනීය කතාන්දරයේ දෙවැනි කොටසයි.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032403734615,"sku":"151494","price":1200.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PremaSadawoB1.webp?v=1784102149"},{"product_id":"t559","title":"T559","description":"\u003cp\u003eකාශ්යප මව් බිමට ද්රෝහී වෙලා තියෙනව. සතුරන්ට එකතු වෙච්ච බව ඔප්පු වෙලා තියෙනව. කාශ්යප පොලිස් ඔත්තුකාරයෙක්. ද්රෝහියෙක්. ඒ කරපු වරදට දඬුවම ක්රියාත්මක කරන්න කියල අපට නියෝගයක් ලැබිල තියෙනව. ඒ නියෝගය ක්රියාත්මක කරන්නයි අපි ආවෙ.\" කණ්ඩායමේ ප්රධානියා යයි ඇඟවෙන හැසිරීමක් සහිත පුද්ගලයා කියා සිටියේය.\u003cbr\u003e\" මම දැනුවත්ව කිසිම වරදක් කරලා නැහැ. කරන්නෙත් නැහැ.\" කාශ්යප සඳහන් කළේ සුපුරුදු සන්සුන් ස්වරයෙනි.\u003cbr\u003e\" දඬුවම තීන්දු වෙලා ඉවරයි. අපි ආවෙ ඒක ක්රියාත්මක කරන්න.''\u003cbr\u003e\" මම වරදක් කරලා නැහැ. මෙතන තියෙන්නෙ වැරැදි වැටහීමක්.''\u003cbr\u003eකාශ්යපගේ එම ප්රකාශයත් සමඟ හදිසි කලබලකාරී බවක් පෙන්නුම් කළ කණ්ඩායම කාශ්යප කෙරෙන් ඈත්වෙන්නට වුණේ අවට විපරම් කරන බවක් අඟවමිනි.\u003cbr\u003eකාශ්යප නිසොල්මන්ව බලා සිටියේය.\u003cbr\u003eක්ෂණයකින් අඳුර විනිවිද ගමන් ගත් ගිනියම් උණ්ඩ කීපයක් කාශ්යපගේ පපුවේ වම් පසින් ඇතුළුව සිරුර පසාරු කරන ලද්දේ ලෝදිය දහරකින් මුළු ගත නෑවී යන බවක් දනවමිනි.\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":44032421625943,"sku":"205214","price":1400.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/T559B1.webp?v=1784102713"},{"product_id":"sansaranyaye-urmakkaraya","title":"සන්සාරාරන්‍ය්යේ උරුමක්කාරයා | Sansaranyaye Urmakkaraya","description":"\u003cp\u003eව්යාඝ්ර ධේනුව දැන් මගේ ලෙයට පුරුදු වී ඇත. මොහොතකට පෙර ඇගේ සහජ ස්වභාවය ඈ මනාව දත් විලිස්සා දැක්වූවාය. සාගින්න අධික වන විට පෙර දී වූ සාර ධර්ම උදාර සත්ව ගතිගුණ වලට පවතින්නට ඉඩක් නොවන්නේ ය. කෙසේ වුව ද මෙම අඳුරු ගැඹුරු ළිඳෙහි ශිෂ්ඨ ගති ගුණ වලට පවතින්නට කොහෙත්ම ඉඩක් නො වන්නේ ය.\u003cbr\u003eසංසාරාරණ්යයේ දඩයක්කාරයා ගේ දෙවන භාගය වන සංසාරාරණ්යයේ උරුමක්කාරයා නවකතාවෙන් හෙළි කරන්නට අදහස් කරන්නේ වනාන්තරයේ ආරක්ෂිත භාවය නැමැති උකුල මත හොවිනා දරුවන්ට ද, ඇතැම් විටෙක මුහුණ දෙන්නට සිදු වන්නා වූ මාරාන්තික භීතිය පිළිබඳ අත්දැකීමකි. තම සිත කය සනහන්නා වූ වනාන්තරය ම මෙම මරණ භීතිය ද එම දරුවන් වෙත පමුණුවන්නේ ය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032868941911,"sku":"105187","price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SansaranyayeUrmakkarayaF1.webp?v=1784110880"},{"product_id":"thanayampallage-satahan-1","title":"තානායම්පාල්ලගේ සටහන් |   Thanayampallage Satahan-1","description":"\u003cp\u003eපාඨක ආකර්ෂණය නොනැසෙන සේ විචිත්‍රත්වය  ද සහිතව පුවත්පතකට ලිපියක් සැකසීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.\u003cbr\u003eඉහතකී ගුණාංගයන් රැක ගනිමින් දහ අට වසරක් පුරා අඛණ්ඩව 'දිවයින ඉරිදා සංග්රහය' හි 'මිවිත' අතිරේකයේ පළ වූ 'තානායම්පල්ලාගේ සටහන' මා දකින්නේ එවැනි පොහොසත් නිර්මාණකරුවකුගේ සාර්ථක ලියවිල්ලක් ලෙසයි.\u003cbr\u003eතානායම්පල්ලා සහ එවක   මීවිත සංස්කාරකවරයා වූ මා මුල් වරට හමුවන්නේ 2004 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනක ය.\u003cbr\u003eහෝටල් ක්ෂේත්රයේ කළමනාකරුවකු වූ ඔහුට ඒ ආශිතව හමුවන, අත්දකින මිනිසුන්ගේ හා සිදුවීමටල බෙහෝ මූලාශ්රයන් තිබිණ.\u003cbr\u003eඊට පසු සතියේ සිට ම එකී 'තානායම්පල්ලාගේ සටහන නමින් මීවිතේ පුංචි ඉඩක් වෙන් විය. ලැබුණු ප්රතිචාර ඉතා යහපත් ය.\u003cbr\u003eඑතැන් සිට මේ සොදුරු ආක්රමණිකයා ඉතා කෙටි කාලයක දී 'තානායම්පල්ලාගේ සටහන' නමින් මීවිතේ සම්පුර්ණ පිටුවක වසර දහඅටක් තම අණසක පැතිරවී ය.\u003cbr\u003eඒ කාලයේ අප යන වන තැන්වල දී හමුවන දිවයින පාඨකයන් තානායම්පල්ලා ගැන අසන ප්රශ්න වලට පිළිතුරු දීමත්, රන්ජන් ගාමිණී ගැන සුළු විස්තරයක් කිරීමත් සුපුරුදු කටයුත්තක් ම වුණි.\u003cbr\u003eදක්ෂ නිර්මාණකරුවෙකුට තම නිර්මාණයට අවශ්ය ප්රස්තූතයන් සොයා ගැනීමට ඉතා සියුම් උත්තේජනයක් වුවත් ප්රමාණවත් ය.\u003cbr\u003eරන්ජන් ගාමිණීගේ මා දකිනා සුවිශේෂීත්වය නම් ඉතා සියුම් දේ අල්ලා ගැනීමත්, ඒවා තමන්ගේ පරිකල්පනීය මනසින් මෙහෙයවා අපූරු නිර්මාණ බිහිකිරීමත්, චසේ ම අනවශ්ය මහප්රාණ නොමැතිව සරල බස් වහරකින් පාඨකයාට ආමන්ත්රණය කිරීමට ඔහු තුළ ඇති හැකියාවත් ය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032876544087,"sku":"205217","price":1000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ThanayampallageSatahan-1F1.webp?v=1784111368"},{"product_id":"swarnaragaya","title":"ස්වර්ණරාගය | Swarnaragaya","description":"\u003cp\u003eසසර කලකිරි වනාන්තරයක බවුන් වඩන තරුණ භික්ෂුවක් හා ගැමි සමාජයෙන් කොන් කරන ලද ලෙඩ තරුණියක් අතර පවත්නා මේ ප්රේමය සමාජ සම්මතයන්ට පටහැණි අසම්මත එකකි. මම එය දැන දැනත් ඉදිරියට නොතේරෙන නැතහොත් නොහැඟෙන අයෙකු සේ ලෙඩ කෙල්ලගේ මිහිරියාව තුළ ගිලෙමින් එය විඳිමින් ලෙන තුළට වී ජීවත් වීමි. ඒ කාලය පුරාවට ජීවිතයෙන් පලා  ආමග හැරුණු වන්දනා කරුවා අඳූරු ලෙන කුහරයේ පත්ලක සැගවී ගැඹුරු නින්දකට වැටී සිටියේ ය. නැතහොත් මා විසින්ම ඔහුට ඉස්මතු නොවීමට ඉඩ නොදී යටපත් කරගෙන ජීවත් වුණෙමි. නමුත් සියල්ල තාවකාලිකය. ලෙඩ කෙල්ල තුළින් ලද මිහිර ද තාවකාලිකය. එය අවබෝධ වන්නට මා හට කාලයක් එහිම ගිලී එයම පරම සුවය ලෙස විඳිමින් සිටින්නට සිදුවිය. ඒ කාලය පුරාවට කිසි විටෙකත් මා හට ජීවය දුන් හිමියන් සිහි නොවීම ද පුදුම සහගතය. තාවකාලික මිහිර තුළ ගිලී එහි අනන්තය අවබෝධ කරගන්නට ඉඩ හැර උන්වහන්සේ මාගෙන් ඈත්වූවා සේ ය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032893517911,"sku":"205215","price":1100.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SwarnaragayaF1.webp?v=1784112452"},{"product_id":"first-class","title":"ෆස්ට් ක්ලාස් |  First class","description":"\u003cp\u003eප්‍රවීණ ලේඛිකා පවිත්‍රා රූපසිංහ විසින් රචිත 'ෆස්ට් ක්ලාස්' අවසානයේදී සමාජය අතිශයින් බරපතළ හා විවාදාපන්න තැනකට කැඳවයි.\u003cbr\u003eඑය නම් පිළිගත් ආචාර ධර්ම වලින් පරිබාහිරව ආන්තික හා අවමානව ක්‍රමෝපායන් ඉලක්ක ජයගැනීම දක්වා යන පුද්ගල හෝ සමාජ සංස්ථාවකට අත්විය හැකි සංකීර්ණ වූත්, ඛේදනීය වූත් ඉරණම පිළිබඳවය.\u003cbr\u003eවිශ්ව විද්යාල අධ්යයන පරිසරය තුළ පළමු පෙළ සාමාර්ථයක් පිළිබඳ එක් තත්ත්වාකාර යථාර්ථයක් වෙත ආචාර්ය ප්‍රජාව මෙන්ම ශිෂ්ය ප්‍රජාව  අභිමුඛ කරන ප්‍රබල නිරූපිතයකින් මෙහි මූලික ප්‍රවාදය සංගෘහිතය.\u003cbr\u003eමානව සමාජයක අන්තර් පුද්ගල වේෂ්ඨාවන් පිළිබඳ පළල් කියවීමකට පිළිපන් මෙම කෘතියෙහි ඇති මනකල් ලක්ෂණය නම් 'ෆස්ට් ක්ලාස් නවකතාවක වපසරිය ඉක්මවා ගිය සංයුක්ත සිනමා ප්රවේශයක හා ප්‍රයානයක  හැඩතල ගැනීමය.\u003cbr\u003eපුවතට අදාළ පරිච්ඡේද විකාශනය කෙරෙන්නේ තාක්ෂණික වශයෙන් තීරණාත්මක සංස්කරණ රටාවකට අනුයාතවය. එමෙන්ම සංදර්භයෙහි උච්චාවචනයන් පිහිටුවන තලමාන හැම විටම පරිමිත ඡේදනවලින් සමුජේතය.\u003cbr\u003eවීමෙන්ම සන්දර්භය වශයෙන් මෙහි වස්තූන් හා සිදුවීම් අතර පර්යාලෝකය (perspective) ගණිතමය පරාසයක පිහිටුවන ලේඛිකාව ඒ ඔස්සේ තේමාව සිනමා ආඛ්යානමය රූපාවලියකට සහසම්බන්ධ කරන්නීය.\u003cbr\u003eතේමාවේ සමස්තය දෘෂ්ඨිවාදී කියවීමකට යටත් කෙරෙන අතරම 'ෆස්ට් ක්ලාස්' නවකතා කෝෂය තුළින් හැම මොහොතකම මතු පිටට එන ජීවිත රූපාවලියකින් සමන්විත නිර්මාණ පැවැත්මක් පාඨකයාගේ නැණැස මත හෘදය සංවේදීව පතිත කරනු ද දිසේ.\u003cbr\u003eඒ අනුව පවිත්‍රා රූපසිංහ විසින් රචිත මෙම කෘතිය තිර පිටපතක් දක්වා මතු නොව තත් විෂය පිළිබඳ ප්ශ‍රස්ත සිනමා නිර්මාණයක් දක්වා ප්‍රවර්ධනය වඩාත් උචිත බව කිව හැකිය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032907280471,"sku":"205228","price":1000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/FirstclassF1.webp?v=1784113019"},{"product_id":"prame-suthra","title":"ප්‍රේම සූත්‍ර | Prame Suthra","description":"\u003cp\u003eප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරී සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදි වූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැගුම් සමුදායකි.\u003cbr\u003eඑදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑම විට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබූ අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියා ය.\u003cbr\u003eඅතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අමිහිරි අත්දැකීම්වලින් පිරී පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිතඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032946045015,"sku":"194027","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PrameSuthraF1.webp?v=1784114176"},{"product_id":"sansaranya-asabada","title":"සන්සාරන්‍ය  අසබඩ | Sansaranya Asabada","description":"\u003cp\u003eදෙගොඩ තළා බස්නා ගංගා සැඩ පහර හරහා එක්තරා ආගන්තුකයෙක් එම ගම්මානයට සම්ප්රාප්ත විය. පළමුකොට ම ඔහු දර්ශනය වුයේ ආරණ්යයේ හාමුදුරුවන්ට ය.\u003cbr\u003eකල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වූයේ ය. අධ්යාත්මය පළෙහි සංයමයෙන් වූ සියලු රාග මෝහ මානයෝ කැඹී නැගී සිටියහ. යුගාන්තයක පරම්පරාවක දරුගැබක් කඳු මිටියාවත ගමිතුලාන මධ්යයෙහි පිළිසිඳ ගත්තේය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44037250744407,"sku":"124358","price":1600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SansaranyaAsabadaF1.webp?v=1784175597"},{"product_id":"gadhafi-oba-amathai","title":"ගඩාෆි ඔබ අමතයි | Gadhafi Oba Amathai","description":"\u003cp\u003eගඩාෆි ඔබ අමතයි !' කෘතිය අනුර බී. සෙනෙවිරත්න ලේඛකයා, සිංහලයට සංස්කරණය කරන්නේ ගඩාෆිගේ දේශපාලන දර්ශනය එදාටත් වඩා අදට අත්යවශ්ය අවස්ථාවක ය. අනුර එය සවිංඥානිකව හෝ අවිංඥානිකව කළත්, එය හුදු ගඩාෆිගේ ඉතිහාසය ආවර්ජනයකට වඩා වර්තමානයේ දී මානව වර්ගයා මුහුණ දී ඇති ගැඹුරු අර්බුද අවබෝධ කර ගැනීම සඳහාත්, එම අර්බුදවලින් මිදීමට ප්‍රගතිශීලි සහ මානවවාදී අදහස් වර්ධනය කර ගැනීම සඳහාත්, දේශීය වශයෙන් පවා අවශ්ය සමාජ සංවර්ධනය පිළිබඳ සංකතිකාවක් ගොඩනගා ගැනීම සඳහා අවශ්ය පසුබිමක් නිර්මාණය කර ගැනීම සඳහාත් යොදාගත හැකි බව අපගේ අදහස යි. මේ නිසා මේ යුගයේ ගඩාෆි කියවා ගැනීම සඳහා අනුර විසින් අප සිංහල පාඨකයා මෙසේ යොමු කරනු ලැබීම වර්තමානයේ අප ද, රටක් වශයෙන් ජාතියක් වශයෙන් මුහුණ දී ඇති අර්බුද සහ අභියෝග අවබෝධ කර ගැනීමට අතිශය වැදගත් වේ.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44037261230167,"sku":"205219","price":900.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/GadhafiObaAmathaiF1.webp?v=1784176266"},{"product_id":"suddilage-kathawa","title":"සුද්දිලාගේ කතාව | Suddilage Kathawa","description":"\u003cp\u003eරොමියෙල් අයියාර්සි කාරයෙකි. සුද්දී සිදාදියෙන් ගමට ආ ගැහැනියෙකි. සිරිමෙවන් මුදලාලි පහතරටින් පැමිණ වෙළඳ ව්යාපාරයක් අරඹයි. නිදන් රකිනා බහිරවයෙකු මෙන් ආරච්චිල තම පරවේණි ආරක්ෂා කරගෙන සිටී.\u003cbr\u003eපාර්ලිමේන්තුවේ සිට අඳ ගොවි පනත සැඩ සුළගක් මෙන් ගම දිහාට හමා ආ විට මේ දෙතුන් දෙනා මාරාන්තික කායික මානසික අරගලයකට පැටලෙති. ඔවුන්ට මඳ සහනයක් ලැබෙන්නේ උතුරා යන කාම තෘෂ්ණාවෙන් තෙත්වුණු සුද්දිගේ පහසින් පමණි.\u003cbr\u003eමෙය ආර්ථික සමාජ විවරණයකි. මානසික විග්රහයකි. රහස් පරීක්ෂක කතාවකි. නිරෝගී දැවැන්තපුරුෂයින්ගේ හා ගැහැනුන්ගේ කාම අරගලය පිළිබඳ ලිංගික විද්යාත්මක රචනාවකි.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44037382832215,"sku":"129437","price":1350.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SuddilageKathawaF1.webp?v=1784177707"},{"product_id":"duggy","title":"ඩගී | Duggy","description":"\u003cp\u003eඅරුණි මුතුමලී 90 දශකයේදී ටීවිටී (ද වීඩියෝ ටීම්) ආයතනයේ කලක් මා යටතේ සහාය අධ්යක්ෂවරියක් ලෙස කටයුතු කරමින් වෘත්තීය ජීවිතය අරඹා පසුව මුද්‍රිත මාධ්යවේදය සාර්ථක ලෙස තම ජීවන වෘත්තිය බවට පත් කර ගත් විද්වතියකි. ලක්වීම පුවත්පතෙන් මුද්‍රිත මාධ්ය කලාවට පිවිස ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ මාධ්යවේදිනියක ලෙසද පසුව 'සරසවිය' පුවත්පතේ නියෝජ්ය කතුවරියක ලෙස ද කලක් තම හැකියාව දැක්වූ ඇය අද සුබසෙත' පුවත්පතේ ප්‍රධාන කතුවරය ලෙස කටයුතු කරමින් ජෝතිශ්යට සහ ආයුර්වේදයට පමණක් සීමා කර තිබුණු එම පුවත්පත ස්වභාව ධර්මය සහ සමාජය වඩාත් ආවරණය වන පුළුල් පරාසයක ඥාන ප්රකාශනයක් ලෙස වැඩිදියුණු වූ නව මුහුණුවරකින් ජනප්‍රිය තලයකට ගෙන එන්නට සමත් වී ඇත. ඒ සියල්ල තුළින් ලැබූ පුළුල් දැනුම සහ අත්දැකීම් ප්රයෝජනයට ගනිමින් මෙලෙස ඇය නීතිඥ ඩග්ලස් සිරිවර්ධන ප්‍රවීණ නාට්යකරුවාගේ ජීවිතය විනිවිද දකිමින් එම ජීවිතය රසික සංග්රහයක් ලෙස රසවත් කොට පොතක් ලෙස මෙසේ  එළිදක්වයි.\u003cbr\u003eකලාකරුවෙකුගේ හැදෑරීම්, ඔහු විඳි සුඛ දුක්ඛ වේදනා, අත්දැකීම් සහ ඔහුගේ ජීවන අරගලය හා නිර්මාණ කාර්යය එම කලාකරුවා කියන එපරිද්දෙන්ම තේරුම් ගැනීම සහ වින්දනය කර ගැනීම තවත් කෙනෙකුට දුෂ්කර කාර්යයකි. ඒ සඳහා සංවේදී සහ අවංක හදවතක් මෙන්ම පරිකල්පන විභවයක් තිබෙන අයෙකු ඒ කාර්යය භාර ගත යුතුය. එසේ නොවූ විට එයින් ඕලාරික වූ චරිත රචනයක් පමණක් ලියැවෙනු ඇත. නමුත් මැය, අපූර්ව නිර්මාණ සමුච්ඡයක් බිහි කිරීමෙන් නොනැවතී ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ නිරිත වන තුන් පරපුරක් බිහි කිරීමට ඉමහත් කැපවීමක් කළ ඩග්ලස් සිරිවර්ධන නාට්‍ය කලාකරුවාගේ සම්පූර්ණ ජීවිතය තමන්ගේම ස්වීය පරිණත නිර්මාණයක් ලෙස රසවත් කොට මේ පොතෙන් විදුරණය කර දක්වයි.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44037703204951,"sku":"205220","price":2500.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DuggyF1.webp?v=1784178353"},{"product_id":"mn-ithaliye-thaniuna","title":"මං ඉතාලියේ තනිඋනා | Mn Ithaliye Thaniuna","description":"\u003cp\u003eලෝකයේ බලවත්ම තනතුර...                                                                                                 ලෝකයේ බලවත්ම පුද්ගලයා...                                                                                                         ඇමරිකානු ජනාධිපතිවරයා!                                                                                                                 එසේ වුවත්, කාන්තාවකගේ ආදරය වෛරයට හැරවුණු කල ඇයට ඔහුද තවත් එක් පිරිමියකු පමණි! ආදරය... රාගය... සමබර කර ගනිමින් 'බලය' නමැති අතුරේ යාමට ඔහුට හැකිවේද? නොඑසේ නම්, තම සමබරතාවද ගිලිහී සියල්ල අහිමිව සැමගෙන්, සියල්ලෙන් සමුගැනීමට ඔහුට සිදුවේද?\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44037713461335,"sku":"201903","price":1100.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MnIthaliyeThaniunaF1.webp?v=1784179250"},{"product_id":"oba-ayemath-avidin","title":"ඔබ ආයෙමත් ඇවිදින් | Oba Ayemath Avidin","description":"\u003cp\u003e' ලෝකෙ හැමෝම සතුටු කරන්න ඕන නම් ඔයා නත්තල් ගහක් වෙන්න. නැත්නම් අයිස් ක්රීම් විකුණන්න'\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44037731385431,"sku":"205211","price":800.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ObaAyemathAvidinF1.webp?v=1784180468"},{"product_id":"kala-nadee-gala-basi","title":"කාල නදී ගලා බසී | Kala nadee Gala Basi","description":"\u003cp\u003eහැත්තෑව දශකයේ පුවත්පත් සහ වාර ප්කා‍රශන ඔස්සේත්, ගුවන් විදුලිය ඔස්සේත් නිර්මාණ කරණයට පිවිසෙන නෝබට් අයගමගේ 1976 වසරේදී ජාතික තරුණ සේවා සභාව පැවැත්වූ සමස්ත ලංකා පාඨශාලාන්තර පද්ය රචනා අංශයෙන් ප්‍රතම ස්ථානය දිනාගනී.\u003cbr\u003eඅසූව දශකයේ 'දිවයින' ඉරිදා සංග්රහය, 'සිළුමිණ', ' දිනමිණ', 'තරුණි', 'යොවුන් ජනතා', 'නවලිය', 'විචිත්ර', 'කලා','රසඳුන', 'සළරුව', 'සරසවිය' සහ ගුවන් විදුලිය තුළින් තම හැකියාවන් ප්‍රකට කරන හෙතෙම ගුවන් විදුලි නාට්ය රචකයෙකු සහ විචිත්රාංග වැඩසටහන් පිටපත් රචකයෙකු ලෙස ඉදිරියට පැමිණෙයි.\u003cbr\u003eචිත්රපට ප්රචාරණයට අදාළ වෙළෙඳ දැන්වීම් සහ ප්රචාරක ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණය විෂයයෙහි ප්රබල දායකත්වයක් දක්වන ඔහු, පසුකාලීනව, රුපවාහිනී වැඩ සටහන් පිටපත් නිර්මාණයටද පිවිසෙයි.\u003cbr\u003eවනසත්ව ජීවිත අලළා පිළියෙල වන ස්වාධීන රූපවාහිනියේ \"වයිල්ඩ් ඒසියා” වැඩසටහන් මාලාවේ පිටපත් රචකයා වන්නේද ඔහුය.\u003cbr\u003e\"කාල නදී ගලා බසී \" ඔහුගේ ප්රථම නවකතාවයි\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44037735481431,"sku":"137618","price":1100.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/IMG_0023.webp?v=1784180871"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/fast-publishing.oembed?page=2","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}