{"title":"දිලිප් ප්‍රසන්න සෙනවිරත්න | Dilip Prasanna Senewirathna","description":null,"products":[{"product_id":"inka-dewola","title":"ඉන්කා දෙවොල | Inka Dewola","description":"\u003cp\u003e\u003cspan\u003eවසර හාරසියයකට පෙර, පේරුවේ වනාන්තර තුළ සඟවන ලද මහානර්ඝ ප්‍රතිමාව යනු, තවමත් ඉන්කා ජනතාවගේ උත්තර්තරම ආධ්යාත්මික සංකේතයයි. එනමුත් ඒ පිළිබඳ ලියැවුණු හෝඩුවාවන් ඔස්සේ මෙකී පිළිමයෙහි පිහිටීම පිළිබඳ රහස් එකිනෙක දිග හරිමින් සිටින. අමෙර්කානු හමුදාවේ සේවය කරන භාෂා පිළිබඳ විශේෂඥයෙකු වූ විලියම් රේස්ට අනුව නම්, එය මහා විනාශයක් පිළිබඳ කියැවෙන සලකුණක් මිස, අන් යමක් නොවේ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e පෘථිවියේ දක්නට නොලැබෙන දුර්ලභ පාෂාණයකින් නෙළා ඇති මෙම ප්රතිමාවෙහි, ඕනෑම න්යෂ්ටික බෝම්බයකට වඩා විනාශකාරී වඩාත් නිවැරැදිව පවසන්නේ නම් සමස්ත ග්රහලෝකයක්ම විනාශ කර දැමිය හැකි තරම් බල සම්පන්න මූල ද්රව්යයක් හමුවේ. අහිසි හස්තයකට පත්වුවහොත්, එය මානව ශිෂ්ටාචාරයේ අවසානය සනිටුහන් කරනු නිසැකය. තවද, මෙම ප්රතිමාව සන්තක වන්නා කවරෙකු වුවද, එකී තැනැත්තා සතු වන්නේ දෙව්වරුන්ගේ අතිශය විනාශකාරී, එමෙන්ම මානව සන්තානයට අගෝචර අසමසම බලයක්ම වන්නේය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදැන්. රේස්ගේ කණ්ඩායම ඇන්ඩ්ස් කඳු වැටියේ පාමුල දක්වාම පැමිණ සිටිති. නමුත් එහි සිටිනුයේ ඔවුන් පමණක් නොවේ. එමෙන්ම, වැඩි වේලාවක් ගත වීමට මත්තෙන්. ඔවුන් තවත් සත්යයක් අවබෝධ කරගනු ඇත! ඒ. ඉන්කා දෙවොල තුළට ඇතුළු වීම යනු ජීවිත පැවැත්මේ පළමු නියමය උල්ලංඝනය කිරීම බවයි. මක්නිසාද යත්, ඇතැම් නිදන් සදාතනිකව භුම දානය වී පැවතීමට නියම වී තිබෙන බැවිනි. ඒවා එසේ පවත්වා ගැනීමට මරණය වුව කැඳවීමට සූදානම් බලවේග නොවන්නේද නොවේ!\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":42638651129943,"sku":"203688","price":2500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/InkoDewolaF1.webp?v=1774253013"},{"product_id":"saththya-gaweeshaka-2","title":"සත්‍ය ගවේෂක 2 | Saththya Gaweeshaka 2","description":"\u003cp\u003e\u003cspan\u003e''සත්‍ය ගවේෂක පුරාවෘත්තය''\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතෙවැනි ඕඩින් පෙට්ටිය සොයාගැනීමේ අභිලාෂයෙන් බටහිර දේශයේ සිට මධ්යම දේශයට සංක්රමණය වන සත්ය ගවේෂකටත්, මව් විමංසිකාවටත්, මහා මායාකරුටත් මුහුණ පෑමට සිදුවූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e රිචර්ඩ්, සියලු ගැටලු විසඳා ගත යුතුය. ඔහු එයට අසමත් වන්නේ නම්, උරුමය බවට පත්වන්නේ මරණයම පමණි. එය හුදෙක් ගවේෂකගේ මරණය පමණක් නොව, ජීවි ලෝකයේද අවසානය වන බවට සැක හැත. ඉදින් සත්යයේ අසිපත සුරත දරාගත් තැනැත්තා. සැකිලි ගැහැනිය ඇඩීගේ ප්රහේලිකා වලට විසඳුම් සොයා ගැනීමට සමත් වේද? \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසෙවණැලි ජීවින් මරණයද රැගෙන පසුපසින් පැමිණෙන විට, රාල්ගේ බළගණයන් හා යළි යළිත් ගැටෙමින්, ඕඩිඩ්න් පෙට්ටිය තිබෙන්නේ කොතැනදැයි සොයා ගැනීමට ඔහුට හැකි වනු ඇතිද? ශෝටාගේ මායාකාර් බලවේග අයස කේලන් විමංසිකාව මුහුණ දුන් ඛේදනීය ඉරණම කරණ කොටගෙන රි වර්ඩ් සයිපර් ඉදිරියට යා යුත්තේ හුදෙකලාවමද? \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eරිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල්, ගෙඩිකස් ශූල් ශොරැන්ඩර්, හිතවත් මතුරා චෙස්ද සමඟින් ලෝකය බේරා ගැනීමේ අභිලාෂයෙන් විරත්වයෙන්ද, ත්‍රාසයෙන් ද, කුතුහලයෙන්ද, උද්වේගයෙන් ද පරිපූර්ණ වූ ඉතා දීර්ඝ සංචාරයකට අවතීර්ණ වූහ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42638675542103,"sku":"203636","price":1950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SathyaGaweshaka2F1.webp?v=1774253947"},{"product_id":"saththya-gaweeshaka-1","title":"සත්‍ය ගවේෂක 1 | Saththya Gaweeshaka 1","description":"\u003cp\u003e\u003cspan\u003e''සත්ය ගවේෂක පුරාවෘත්තය ඇරඹෙයි'' \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅයිඩ්රින්ඩ්රිල්හි පුරාණ ග්රන්ථයන්හි සඳහන් අනාවැකිවලට අනුව. අඳුරු කාල පරිච්ඡේදයක් උදා වූ විට, ලෝකය ඉන් මුදාගනු වස් චක් ශ්රේෂ්ඨ වීරයෙකු පහළවෙයි. සුරත දරාගත් සත්යයේ අසිපතද සමඟින් හේ ලෝකයට විමුක්තිය රැගෙන වනු පිණිස ජිවිත පුජාවෙන් යුතුව සටන් වදී. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅඳුරු කාලය පැමිණිණි. ඩ'හරානු දේශයේ කුරිරු පාලක ඩා කන් රාල්, ලෝකය පාලනය කිරීමේ අභිලාෂයෙන් ඕඩ්න් මංජුසා ත්රිත්වය සොයා යන් සිටින විට, සත්ය ගවේෂකයා නම් කරවාගනු වස්, සීමා - බාධකය තරණය කොට බටහිර දේශයට පිවිසීම හැර අන් විකල්පයක් මව් විමංසිකාවන්ට නොතිබිණි. පළමුපෙළ මායාකාරයා නම් කරන සැබෑ සත්ය ගවේෂකයා කවුරුන් විය හැකිද? සැබැවින්ම ඔහු කුරීරු ඩා කන් රොල් පරදා. අන්ධකාරයෙන් වැසීගිය ලෝකයට ආලෝකය රැගෙන ඒමට තරම් ශක්ති සම්පන්න අයෙකු වනු ඇතිද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදෛවයත් ඉරණමත්, ධෛර්යය හා ප්රඥාව විසින් තීරණය කරන කල සියලු මායාවන්, සත්යයේ අණසකට නතු වන්නේය. ශෙඩිකස් ශූ'ල් රැන්ඩර්, රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල් ආදී සියල්ලන් ඔවුන්ගේ වීරත්වයෙන්ද, ත්රාසයෙන්ද, උද්යෝගයෙන් හා කුතුහලයෙන් ද පිරි දීර්ඝ වික්රමාන්විත සංචාරය තුළ යථෝක්ත සත්යතාවය ඔබට පහදාදෙනු නිසැකය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42638732722263,"sku":"203637","price":1900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SathyaGaweshaka1F1.webp?v=1774256648"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/dilip-prasanna-senewirathna.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}